පිටි මිල ඉහළ යන ලකුණු

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක ආනයන බද්ද රුපියල් දහතුනකින් (රු.13.00) ඉහළ දැමීම නිසා පිටිවල තොග මිල ඉහළ යන බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ උපදේශක පී.එම්. අබේසේකර පවසයි.

පසුගිය අප්‍රේල් 29 දින මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගර ලේකම් ඩබ්ලිව්. ඒ. සරත් කුමාර නිකුත් කළ චක්‍රලේඛයට අනුව පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් දහතුනකින් පමණ ඉහළ යා හැකි අතර , මෙතෙක් පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 195ක පමණ අගයක පැවැතිණි.

එහෙත් තිරිගු ඇට ආනයනය කර පිටි බවට පත් කිරීමේදි මෙම නව තීරුබදු ඊට යටත් නොවන අතර පිටි කර ආනයනය කරනු ලබන තිරිගු පිටි සඳහා මෙම තීරුබදු ඉහළ දැමීම නිසා යළිත් පිටි එකාධිකාරයක් ආරම්භ වන බව තොග වෙළෙන්දෝ පවසති.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...