බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 04,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු බ්‍රසීලයේ රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයට අදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වර්ෂාවෙන් පුද්ගලයන් 37 දෙනෙකු මිය ගොස් තවත් 74 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

මෙම ගංවතුර වසර 80කට පසු බ්‍රසීලය මුහුණ දුන් මරන්තිකම ගංවතුර වන අතර 23,000 පිරිසකට ගම්බිම් අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යාමට සිදුව ඇත.

ගෙවුණු බ්‍රහස්පතින්දා (02), Bento Goncalves සහ Cotipora නගර අතර ජල විදුලි බලාගාරයක වේල්ලක් අර්ධ වශයෙන් කඩා වැටුණු අතර එමඟින් Taquari ගංගා නිම්නයේ Lajeado සහ Estrela වැනි සම්පූර්ණ නගර සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවිය.

සඳුදා (29) ආරම්භ වී වර්ෂාව අවම වශයෙන් සෙනසුරාදා දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ස්වාභාවික විපත් පිළිබඳ නිරීක්ෂණ සහ අනතුරු ඇඟවීම් පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධාන කාලගුණ විද්‍යාඥ මාර්සෙලෝ සෙලුචි මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

පසුගිය දින කිහිපය පුරාම මිනිසා විසින් ඇති කරන දේශගුණික විපර්යාස හේතුවෙන් ආන්තික කාලගුණික තත්ත්වයන් විවිධාකාරයෙන් රටවලට බලපෑම් කිරීම සම්බන්ධයෙන් වාර්තා වූ අතර බ්‍රරසීලයේ, එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැතිනිය ඇතුළු ඇමතිවරු 45ක් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්...

යුදෙව් විරෝධී චෝදනා සම්බන්ධයෙන් ප්‍රංශය, ඇමරිකානු තානාපතිවරයා කැඳවයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) LNW: යුදෙව් විරෝධයට...

අපගේ පරමාර්ථය සමස්ථ දරු පරපුරටම ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හදන එක : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව...

විහස්ගෙන් විසල් දස්කමක්

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: මේ දිනවල පැවත්වෙන අවුරුදු 23...