නිල් බලා නිල් වූ නීල් නික්ම යයි!

Date:

බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රී නීල් පැරිෂ් මහතා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්ව තිබේ.

බ්‍රිතාන්‍ය පොදු සභා ශාලාව (House of Commons) තුළදී කාමෝද්දීපන චිත්‍රපට නැරඹීමට අදාළව ගොනුවූ චෝදනාව හමුවේ ඒ මහතා මෙලෙස ඉල්ලා අස්ව තිබේ.

පාර්ලිමේන්තු පොදු සභා ශාලාවේ ඉදිරිපත් වූ යෝජනාවකට ඡන්දය විමසන අවස්ථාවකදී ඔහු මෙලෙස කාමෝද්දීපන චිත්‍රපට නරඹා ඇති අතර එම සිදුවීම ඇසින් දුටු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුද ඔහුට එරෙහිව සාක්ෂි ලබා දී තිබිණි.

මෙම චෝදනාවට අදාළව මුළදී ප්‍රතිචාර නොදැක්වීමට ඒ මහතා කටයුතු කළද පසුව තමා කාමෝද්දීපන චිත්‍රපට අවස්ථා දෙකකදීම නැරඹූ බව පාපොච්චාරණය කළේය.

තමා කළ වරද සමඟ තමාට මුළු ජීවිත කාලයම ගත කිරීමට සිදුවනු ඇති බව ද හෙතෙම සිය පාපොච්චාරණයේ සඳහන් කර ඇත.

මීට අදාළව කන්සර්වේටිව් පක්ෂය එම මහතාට පක්ෂ තහනමක් ද පනවා තිබේ.

2010 වර්ෂයේ සිට කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සිටි නීල් පැරිෂ් මහතා විවාහකයකු මෙන්ම මුණුපුරන් දෙදෙනෙකු ට සීයා කෙනෙකු ද වෙයි.

සබැඳි පුවත්:

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...