විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ කනස්සල්ල

Date:

පාර්ලිමේන්තු සංකීර්ණය අසල සාමකාමී විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව සිය කනස්සල්ල පළකර තිබෙනවා.

මෙරට ඇමරිකානු තානාපති ජූලි චංග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ විරෝධතාවය ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් බවයි. එනිසා රටේ කුමන පුරවැසියෙකුට වුවද අත්අඩංගුවට පත්වීමේ භීතියෙන් තොරව සාමකාමී ලෙස විරෝධතාවය ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති බවත්, එම අයිතිය ආරක්ෂා කිරීම පාලකයන්ගේ වගකීමක් බවත් තානාපතිනිය අවධාරණය කරනවා.

ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන ඇමරිකාව, සාමකාමී විරෝධතාකරුවන්ට සිය සහයෝගය ලබාදෙන බවද ජූලි චංග් මහත්මිය සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...