මේ වතාවේ අපි දිනුවේ අර දෙගොල්ල ජනතාවට එපාවුණ හින්දා. වෛරය තමයි ඡන්දයක් බවට පත්වුණේ – ඇමති TB

ජාතික ජන බලවේගයට මෙවර ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ අනෙකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ජනතාවට එපාවීම නිසා බවත් ඡන්ද බවට පත්වුණේ ජනතා වෛරය බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“දැන් ඕගොල්ලන්ට කියන්න අනේ, මේ වතාවෙ අපි දිනුවේ ජනතාවට අර දෙක එපාවුණ හින්දා නේද ? අප්පිරියා වුණ හින්දා නේද ? නැත්නම් අපිව හොඳවෙලා නෙවෙයිනෙ ? ඈ … ? අපිව හොඳවෙලා නෙවෙයිනෙ … වෛරය තමයි ඡන්දයක් බවට පත්වුණේ. ආදරය කරුණාව ඡන්දයක් බවට පත්වුණෙ නෑ. අපිට ආදරය කරන්න මිනිස්සුන්ට අවස්ථාව හම්බුණෙ නෑ. අපිත් එක්ක අධ්‍යාත්මිකව එකතුවෙන්න මිනිස්සුන්ට අවස්ථාව හම්බුණෙ නෑ. ඒක වහලා තිබ්බෙ. ඒකට ඉඩ තිබ්බෙ නෑ. ඒකට මාධ්‍යයේ ඉඩ නෑ”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 03) පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...