තවත්  ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක්.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පොළොන්නරුව, සීගිරිය, අනුරාධපුරය, දඹුල්ල, වැනි ස්ථාන නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට හැකි වන අයුරින් හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් බවට සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ තුළින් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවත් , හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ තුළ අවම වශයෙන් A 330 ගුවන්යානා පියාසර කිරීම හා ගොඩබැස්වීමට අත්‍යවශ්‍ය ප්‍රධාන සංවර්ධන කටයුතු කීපයක් කඩිනමින් සිදු කළ යුතු බවත් ඒ සඳහා ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසුවේ ය.

දැනට දිගින් මීටර් 2287 ක් වන ධාවන පථය මීටර් 2800 ක් පමණ දිගු කිරීම, ගුවන් ධාවන පථයට පිවිසුම් මාර්ගයක් ඉදි කිරීම, ගුවන්යානා අංගනයක් ඉදි කිරීම, ගුවන් නාවික මෙහෙයුම් පද්ධතියක් සැකසීම, ගුවන් පාලක කුළුණක් ඉදිකිරීම, මගී පර්යන්තයක් ඉදි කිරීම වැනි අත්‍යවශ්‍ය ඉදිකිරීම් සහ සේවා සිදු කිරීමද මේ යටතේ සිදු කරන බව අමාත්‍යවරයා පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දයාසිරි අදත් ඇවිලෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අධ්‍යක්ෂ...

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...