ඌෂාගේ ඔලිම්පික් තනතුරේ වැඩ ගැන විවේචන රැසක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 06, කොළඹ (LNW): ඉන්දියාවෙන් බිහි වූ සුපිරි මලල ක්‍රීඩිකාවක් වන පීටී ඌෂා ඉන්දියානු ඔලිමිපික් ආයතනයේ සභාපතිණිය වුව ද,මේ වන විට ඇයට එරෙහිව විවිධ චෝදනා ඉදිරිපත් වෙමින් තනතුරටද බලපෑම් එල්ල වෙමින් ඇත.වර්ඹ 2022 දී පත් වූ ඌෂා ක්‍රීඩා පරිපාලනය සම්බන්යෙන් ගත් ඇතැම් තීරණ සදාචාරසම්පන්න නොවන සහ නෛතික නොවන බවට ඇය සමඟ විධායක කමිටුවේ සිටින පිරිස්ම චෝදනා එල්ල කරන්නට පටන් ගෙන ඇත.

විශේෂයෙන් මේ විරෝධයන් දක්වන්නන් අර පෙරමුණේම සිටින්නේ එරට ඔලිමිපික් ආයතනයේ භාණ්ඩාගාරික සහේව් යාදේව් ය.ඌෂාට බරපතලම විරෝධය එල්ලවන්නේ ප්‍රධාන විධායක නිලධාරී රගුරාම් අයියර් පත් කිරීම සම්බන්ධයෙන්ය.ඒකමතිකව එම තීරණය ඌෂා ගනෙ ඇති බවත් එසේ කළ නොහැකි බවත් විධායක කමිටු සාමාජිකයෝ පෙන්වා දෙති. ඌෂාගේ විධායක සහකාර අජේ නාරංග් සම්බන්ධයෙන් ද මේ වන විට විරෝධයක් මතු වෙමින් ඇත.

මේ වන විටත් ලන්ඩන් 2012 ඔලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී මල්ලවපොර ක්‍රීඩක යෝගේෂ්වර් දත් ඇතුළු EC හි සාමාජිකයින් 11 දෙනෙකු, චෝදනා ගණනාවක් විස්තර කරමින් සහ “සුදුසු නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමට” ඇයට බල කරමින් ලිපියක් යොමු කර තිබෙන බව දැන ගන්නට ඇත.ඒ අතර ඌෂා මේ විරෝධය නොතකා අයියර් සහ නාංරංග් කැටුව ඔලිම්පික් මූලස්ථානය වෙත ගිය බවට ද තොරතුරු වාර්තා වන අතර මේ වන විට විධායක සභාව මැදිහත්න ඌෂා ගේ සමීප හිතවත් නිලධෘරීන් දෙදෙනා ඉවත් කරන බව දන්වා ඔවුන්ට ඉන්දීය ඔලිම්පික් ආයතනයට අවසර නැතුව ඇතුළු විය නොහැකි බව ද දන්වා තිබෙන බව වාර්තා වේ.ඌෂාට යම් අනියම් ආකරයක මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් ද වක්‍රාකාරයෙන් චෝදනා එල්ල කරන්නේ අයියර් විසින් කරන ලද වියදම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින්ය.

ඌෂා තමන්ගේ ක්‍රියාවන් නිවැරදි සහ ව්‍යවස්ථානූකූල බලයට යටත් බව කියමින් මෙම ගැටළු ඉදිරියේ පෙනී සිටියද,ඇය විසින් ගන්නා ලද යම් තීන්දු ජාත්‍යන්තරය විසින් පිළිනොගත් අවස්ථා ද මතු වෙමින් ඇත.ඒ ආකාරයට මල්ලව පොර ක්‍රීඩාව ඌෂා විසින් පත් කරන්නට යෙදුණ කමිටුව මේ වන විට ජාත්‍යන්තර මල්ලව පොර සංගමයද පිළි නොගන්නා තත්ත්වයක් මතු වී ඇත.එසේම කණ්ඩායම් භාර ප්‍රධාන නිලධාරී ලෙස නම් කර සිටි බොක්සිං ක්‍රීඩිකා මේරි කොම් ද එයින් ඉවත්ව ඇති බව වාර්තා වන අතර ඔලිම්පික් පේන මානයේ ජාත්‍යන්තර මට්ටමෙන් ඉන්දියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදරියට එමින් තිබෙන මොහොතක ඇති වී තිබෙන තත්ත්වය ක්‍රීඩකයන්ට බලපෑම් කරන දක්ෂතා හීන කරන තත්ත්වයක් ඇති කරන තත්ත්වයක් උද්ගත කරනු ඇද්දයි සැක සහිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...