*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

චීන ජනාධිපතිවරයා යුරෝපා සංචාරය අරඹයි – පළමුව ප්‍රංශයට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය ප්‍රංශ සංචාරය ඊයේ (05) ආරම්භ කළේය.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් මහතාගේ ඇරයුමට අනුව ප්‍රංශයේ සිය තෙවැනි නිල සංචාරය ආරම්භ කිරීමට ලැබීම සම්බන්ධයෙන් ඉතා සතුටට පත් වන බවයි ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේ.

වසර 60කට පෙර චීනය හා ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කෙරුණි.

මෑත වසරවලදී, චීන-ප්‍රංශ සබඳතා ඉහළ මට්ටමේ සංවර්ධනයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, ගුවන් සේවා, න්‍යෂ්ටික බලශක්තිය, කෘෂිකර්මාන්තය, ආහාර, හරිත සහ අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගීතාව අඛණ්ඩව වර්ධනය වී තිබේ.

මෙම සංචාරය අතරතුර, චීන-ප්‍රංශ සහ චීන-යුරෝපා සංගම් සබඳතා පිළිබඳ මෙන්ම, වත්මන් ප්‍රධාන ජාත්‍යන්තර හා කලාපීය ගැටළු පිළිබඳව ජනාධිපති මැක්රෝන් මහතා සමඟ ගැඹුරින් අදහස් හුවමාරු කර ගැනීමට තමා බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

දිනූෂි ධීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan