සටහන – රෂිකා හෙන්නායක
මැයි 06, කොළඹ (LNW):ආසියානු සංවර්ධන බැංකුවේ දැනුම හා ප්‍රවීණත්වය සිය සාමාජික රටවලට බහුවිධ අභියෝගයන්ට මුහුණදීමට බෙහෙවින් උපකාර වන බවත්, එහි කාර්ය භාර්ය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවති පාලක මණ්ඩලය සදහා වූ සැසියේදී අදහස් දක්වමිනි.
සාමාජික රටවල් සමග උපාය මාර්ගික සහයෝගීතාව ශක්තිමත් කරමින් ආසියානු සංවර්ධන බැංකුවේ කාර්ය භාරය අඛණ්ඩව ඉටු කිරීමට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබා දෙන බවද ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.