MOP පොහොර ප්‍රවර්ධනයට ගොවියාගේ අතටම මුදල්!

Date:

කොළඹ LNW: MOP පොහොර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙවර යල කන්නයේ දී ගොවි ගිණුම්වලට පොහොර සහනාධාර මුදල් ගොවි ගිණුම්ව්ලට බැර කිරීම හෙට සිට ක්‍රියාත්මක බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන් දැනට කුඹුරු වගා කර අවසන් කර ඇති ගොවීන් සඳහා එම මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් MOP පොහොර භාවිතා කිරීම සම්බන්ධව දී ඇති නිර්දේශ අනුව එම පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, එමනිසා මෙම පොහොර සහනාධාර මුදල් ප්‍රතිපාදන MOP පොහොර මිල දී ගැනීම ඉළක්ක කරමින් ලබා දීමට පියවර ගන්නා ලෙසත් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

දැනට අවශ්‍ය තරම් MOP පොහොර තොග රට තුළ පවතින අතර මෙවර යල කන්නය සඳහා MOP පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000ක් පමණ වුවද දැනට මෙට්‍රික් ටොන් 35,000ක තොගයක් ඇති බව සඳහන්.

ඉන් මෙට්‍රික් ටොන් 27,000ක් රජයට අයත් පොහොර සමාගම් දෙක සතුව පවතින බවයි රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කර තිබෙන්නේ.

වී වගාවට බන්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) යෙදීම පසුගිය කන්න කිහිපය තුළ ප්‍රමාණාත්මකව අවම වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබෙන පසුබිමක මෙම MOP පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත.

විශේෂයෙන් වී කරල ශක්තිමත්වීම සඳහා මෙන්ම වී ඇට පරිපූර්ණවීම සඳහා MOP පොහොර භාවිතා කිරීම අනිවාර්ය බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.

නමුත් පසුගිය මහ කන්නයේ දී MOP පොහොර භාවිතය අඩුවී ඇති අතර හෙක්ටයාර් ලක්ෂ අටක් පසුගිය මහ කන්නයේ දී වගා කර ඇති නමුත් MOP පොහොර අලෙවි ව ඇත්තේ මෙට්‍රික් ටොන් 11,000ක් පමණයි.

නමුත් මහ කන්නය සඳහා MOP පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 30,000ක් වුවද ගොවීන් මිල දී ගෙන ඇත්තේ ඉන් තුනෙන් එකක ප්‍රමාණයක් බව ද සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...