යළි රක්ෂිත බන්ධනාගාරගත වූ කෙහෙළිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 06, කොළඹ (LNW): අද (06) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රමිතියෙන් තොර ඖෂධ සම්බන්ධ නඩුව අද කැදවූ අවස්ථාවේ එම නඩුවේ, 11 වන සැකකරුට ඇප ලබාදීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝගය ලබා දුන් අතර හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සෙසු විත්තිකරුවන් ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කර ඇත.

නඩුව කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ අසේල විජේසිංහ මහතා විමර්ශනවල ප්‍රගතිය පිළිබදව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බව පැවසේ.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීම මත කරුණු දැක්වූ රජයේ අධිනීතිඥවරයා සදහන් කලේ පලමු සැකකරු සපයන ලද හියුමන් ඉමියුනෝ ග්ලෝබියුලීන් හා රිටොප්ක්සි මැප් යන නියමිත උෂ්ණත්ව යටතේ ගබඩා කර ඇති එන්නත් මාත්‍රා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන රසායනාගාරයක පරික්ෂාවකට යොමු කළ යුතු බව වන අතර, මෙරට විශේෂඥ වෛද්‍ය කමිටුවක් මගින් කරන ලද පරික්ෂණ තුළින් එම ඖෂධ ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වී ඇති හෙයින් මෙවන් විශේෂ රසායනාගාර පරික්ෂණයකට අදාළ ඖෂධ මාත්‍රා යොමු කිරීමට අවශ්‍ය බව අධිනීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කරඇත.

එම ඉල්ලීම පිළිබද සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයාට නියෝග කළේ මෙම ප්‍රතිදේහ එන්නත් මාත්‍රා සාම්පල ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත රසායනාගාරයක පරික්ෂණ සදහා යොමු කරන ලෙසයි. එමෙන්ම වැඩිදුරටත් කරුණු දැක්වූ අධි නීතිඥවරයා සදහන් කළේ විමර්ශන සදහා අවශ්‍යවන ඇතැම් කරුණු සනාත කර ගැනීමට අධිකරණ නියෝගවලට අනුව ප්‍රශ්නාවලියක් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත යොමු කළ බවයි. නමුත් ඔහු ඊට සම්පූර්ණ පිළිතුරු ලබා දී නොමැති බව අධිනීතිඥවරයා අධිකරණයට දන්වා ඇත.

ඒ අනුව මැයි 10 වන දිනට පෙර ඊට පිළිතුරු ලබා නොදෙන්නේ නම් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අධිකරණයේ පෙනී සිට ඊට කරුණු දැක්වීමට දන්වන ලෙස ඔහු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරිය සදහන් කළේ මැයි මස 10 වන දිනට පෙර අදාළ නිලධාරියා එම ප්‍රශ්නාවලියට පිලිතුරු නොදෙන්නේ නම් අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රමාදයට හේතු දක්වන ලෙසයි. පසුව රක්ෂිත බන්ධනාගාරයේ සිටින සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම් ඇත්නම් ඉදිරිපත් කරන ලෙස විත්තියේ නීතිඥවරුන්ට මහේස්ත්‍රාත්වරිය දන්වා ඇත.

එහිදී පළමු සැකකරු වන ඖෂධ සමාගම් හිමිකරු සුදත් ජනක් ප්‍රනාන්දු /04 වන සැකකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී නෙරාන් ධනංජය / 08 වන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ 10 වන සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක යන අය වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥයින් ඇප ඉල්ලීම් සිදු කර ඇති අතර ,පසුව ඊට ප්‍රතිචාර දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනි ගිරිහාගම මෙනෙවිය සදහන් කළේ 11 වන සැකකරු වන ඇගයීම් කමිටු සාමාජික වෛද්‍ය තුසිත සුදර්ශන් යන අයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද අධිකරණ නියෝග අනුව විශේෂ පංච පුද්ගල කමිටු වාර්තාවක් ලැබී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඇය සදහන් කළේ එම වෛද්‍ය වාර්තාව තුළින් 11 වන සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය ජීවිත අවදානමක් පවතින තත්ත්වයක් බවට සනාථ කර ඇති හෙයින් සුදුසු ඇප කොන්දේසි මත අදාළ සැකකරු මුදා හරින ලෙසයි. සියලු කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය 11 වන සැකකරුට ජීවිත අවදානමක් සහිත හෘද රෝගයකින් පවතින බවට පංච පුද්ගල වෛද්‍ය කමිටුව සනාත කර ඇති බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙස නියෝග කර ඇත.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. එමෙන්ම සෑම මසකම පළමු සහ අවසන් ඉරුදින උදෑසන 09 ත් 12 ත් අතර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මෙහිදී ඇප කොන්දේසියක් පනවා ඇත. එමෙන්ම ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. අනතුරුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු සෙසු සැකකරුවන් ලබන 20 දක්වා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...