*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

බහමාස් ක්‍රමයෙන් පළමු වටයෙ ප්‍රතිපල ලේඛණයේ නොසිටි රටවලටත් ඔලිමිපික් සුදුසුකම්වලට එන්න අවස්ථාව

සටහන – නිශ්මං රණසිංහ

මැයි 06, කොළඹ (LNW): බහමාස් හී පැවති ලෝක සහය දිවීමේ සූරතාවලියේ දී පළමු වටයේ තරගය නිමා නොකළ ඉන්දියාව මෙන්ම අනීතික ධාවනය යන හේතුවෙන් තරගයෙන් ඉවත් කළ ඇමෙරිකාවත්, එම තරග පැවත් වූ රටාවට අනුව, අවසාන තරගයට තෝරා ගත් රටවල් 8 ට අමතරව ඔලිම්පික් තරගාවලියට ඇතුළත් කර ගැනීමට තවත් රටවල් හයකට අවස්ථාව දෙන්නට පැවත් වූ සුදුසුකම් ලැබීමේ වටයේ තරගවලදී, ඔලිම්පික් නියෝජනය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා.

ඒ ආකාරයට තෝරා ගැනීම සඳහා පැවත් වූ සුදුසුකම් ලැබීමේ තරග තුනෙන් පළමු සහ දෙවන ස්ථාන දිනා ගත් කණ්ඩායම් ඔලිම්පික් නියෝජනයට ඇතුළත් වෙනවා.එම තරග තුනේ ප්‍රතිපල ලේඛණ මෙන්ම එහි සමස්ත සාරංශය ද මේ සටහනට ඡායාරූප සටහන් ලෙස ඉදිරිපත් කර තිබෙනවා.එසේම අවසන් කණ්ඩායම් අතර පැවති කරගයේ අවසාන ප්‍රතිපලය ද මේ සමඟ දක්වා තිබෙනවා.

මෙම තරගයෙන් කණ්ඩායම් 14 ක් තෝරා ගැනීමෙන් අනතුරුව ඉතිරි කණ්ඩායම් දෙකට තේරීම සඳහා ශ්‍රී ලංකාව විනාඩි 2:59 ට ආසන්න කාලයක දක්ෂථාවයක් දැක්විය යුතු වෙනවා.එය ශ්‍රී ලංකාව වාර්තාව තත්පරයකට වැඩි කාලයකින් පෙරට ගෙන ඒමක් ලෙස ගත හැකියි.එහෙත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට දුර තියා සැළසුම් කර ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම බහමාස් දක්වා ගෙන ගියේනම් මේ දැක්වෙන ප්‍රතිපල අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවසාන කණ්ඩායම් 16 අතරට එන්න පැහැදිළි ඉඩක් තිබුණ බව පැහැදිළියි.

දැනට තීරණයක් ගෙන නැතත් නැතත්,හොඳ කාලයක් වාර්තා කළ ද අවසාන කණ්ඩායම් 14 ට නො’පැමිණි ඔලිම්පික් සත්කාරකත්වය දරන ප්‍රංශයට කණ්ඩායම් 16 සඳහා ඉතිරි වී තියෙන කණ්ඩායම් දෙකේ අවශ්‍යයතාවයෙන් එක් අවස්ථාවක් ප්‍රදානය කළහොත් ඔලිමිපික් සහය දිවීම සඳහා ඇතුළත් වීමට ඉඩ තියෙන්නේ එක් රටකට පමණයි.එය ශ්‍රී ලංකාව තවත් දුෂ්කර අඩියකට ඇඳ දැමීමක් වෙනවා.

කෙසේ නමුත් ලංකාවේ කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට නොහැකි දෙයක් කළ ලෙස, පැය කිහිපයක විවේකයකින් පසුව තරගවලට ඉදිරිපත් විය හැකි ආකාරයට ලැබුණු ඇමෙරිකානු වීසා ගැන, මලල ක්‍රීඩා සංගමය වීර ක්‍රියාවක් ලෙස ප්‍රකාශ කරමින්,නමුත් ක්‍රීඩකයෙකුගේ අසනීප තත්ත්වය මත තරගාවලියට සහභාගි නොවන බව ප්‍රකාශ කරනු ලැබුවා. එහෙත් ඊට පෙර ඒ ආකාරයට නොවී, කල් ඇතිව වීසා ලබා ගැනීමට කටයුතු නොකළ ආකාරය තවමත් මලල ක්‍රීඩා සංගමය පවසා නැති අතර ප්‍රමාදයක් සිඳු වූ බව පිළිගෙන රටකට දිනා ගැනීමට හැකි බව සිතූ අවස්ථාවකට ඉඩ ඇහිරීම ගැන සමාව හෝ ඉල්ලා නැහැ.

එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මලල ක්‍රීඩා බලධාරීන්ගේ උදාසීන බව ගැන සහ සැළසුමක් නොමැකිවීම ගැන පරීක්ෂණයක් පැවත්වීමට තීරණය කර තිබෙනවා. ඊට පරීක්ෂණ කමිටුවක් පත් කරන්නට සූදානම් වන බව අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

සුදුසුකස් ලැබීමේ තරග තුනේම ප්‍රතිපල සාරංශයක් ලෙස

සුදුසුකම් ලැබීමේ වටයේ දෙවන අවස්ථාවේ පළමු තරගය

සුදුසුකම් ලැබීමේ දෙවන අවස්ථාවට අදාළ දෙවන තරගය

තෙවන තරඟය

අවසාන මහා තරගයේ ප්‍රතිපල

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan