කාගේ කාගේත් පැටිකිරිය හෙළිවුණා. පාර්ලිමේන්තුවේ දේශපාලන ගේම් රටම දැක්කා – සජිත් (VIDEO)

Date:

පාර්ලිමේන්තුව තුළ ස්වාධීන ලෙස පෙන්වමින් ජනතාව ඇන්දවීමට කටයුතු කළ කාගේ කාගේත් පැටිකිරිය නියෝජ්‍ය කථානායක ඡන්ද විමසීමේදී හෙළිදරව් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“අද එක දෙයක් පැහැදිලි වුණා මේ සභාගර්භයේදී ඡන්දය ලබාදීමේ ක්‍රියාදාමය තුළ. විවිධ අයගේ විවිධ පැටිකිරියන් මුළු රටටම හෙළිවුණා. විවිධ අය එක එක විදියට රඟපාලා එළියට දෙන පණිවිඩය, රටම අන්දවන විපක්ෂභාවයක්, විකෘතිභාවයක්, ජනතාව රැවටීමක්, ඒ සියල්ලක්ම එළියෙ අයට තේරුණා. එවන් අවස්ථාවක් අද වුණේ. බොහොම පැහැදිලිව කියන්නට ඕනෙ, පොහොට්ටුවේ සහයෝගය සියඹලාපිටිය මැතිතුමාට දෙනවායි කියන පණිවිඩයත් එක්ක තමයි අපි වෙනස් වුණේ. ඒ මොකද, අද සියඹලාපිටිය මැතිතුමාත් මේ ආණ්ඩුවේ රැකවලෙක් බවට පත්වුණා කියන එක කණගාටුවෙන් හෝ කියන්නට සිද්ධ වෙනවා. ආණ්ඩුවේ අතකොළුවක්, ආණ්ඩුවේ හෙංචයියෙක් බවට පත්වුණායි කියන එක බොහොම පැහැදිලියි. අද එළියේ ජනතාවට බොහොම පැහැදිලිවම තේරෙණවා මේක ඇතුළෙ සිදුවන ඇන්දවීම. අපි සතුටු වෙනවා මේ වෙලාවේ මේ ඡන්දය ලබාදුන්නු ආකාරයට එළියට බොහොම පැහැදිලියි, අරගලයට බොහොම පැහැදිලියි මේක ඇතුළෙ සිදුවෙන්නෙ ඔක්කොම දේශපාලන ගේම්. හැබැයි අපි සතුටු වෙනවා විපක්ෂයක් හැටියට අපි එකට ඉන්නවා, අපි මේ ආණ්ඩුවට විරුද්ධයි, අපි මේ ජනාධිපතිවරයාට විරුද්ධයි, අපි මේ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට විරුද්ධයි, විරුද්ධයි, විරුද්ධයි !!”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

එම ඡන්ද විමසීමේදී ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ බව කියන මන්ත්‍රී කණ්ඩායමේ අපේක්ෂක රංජිත් සියඹලාපිටිය මහතා ආණ්ඩුවේ සහාය ලබමින් ඡන්ද 148ක් ලබාගත් අතර විපක්ෂයේ අපේක්ෂක ඉමිටියාස් බාකීර් මාකර් මහතාට ලැබී තිබුණේ ඡන්ද 65ක් පමණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙපිරිසක් ගැටී අයෙකු මරුට:සැකකරුවන් පලා යයි..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW: ඊයේ (01) සවස් කාලයේදී,...

“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි...

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...