*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

මහින්දගේ දන්සලේ කඩල බෙදන්න විමල්ගේ බිරිඳත් එක්වෙයි ! (Photos)

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (05) දිනයේදී වෙසක් පොහොය වෙනුවෙන් කඩල දන්සලක් පවත්වා තිබේ.

ඒ, කොළඹ විජේරාම පෙදෙසේ පිහිටි තම නිල නිවස ඉදිරිපිටදී ය.

ඊට ඒ මහතාගේ ආරක්ෂකයින්, පක්ෂ ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

එහි කඩල බෙදීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියත් එක්ව සිට ඇත.

විමල් වීරවංශ මහතා මේ වනවිට රාජපක්ෂ දේශපාලන කඳවුරෙන් බිඳී, රාජපක්ෂවරුන්ගේ පතුරු අරිමින්, ඔවුන් සමග යළිත් කිසිදු දේශපාලනයක් නොකරන බවට ශපථ කරමින් සිටින තත්වයක් තුළ ඒ මහතාගේ බිරිඳ මෙසේ මහින්ද රාජපක්ෂ මහතාගේ දන්සලෙහි සංවිධාන කටයුතුවලට එකතු වී සිටීම විශේෂත්වයකි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan