ආණ්ඩුව සල්ලි ඉතිරි කරගත් තවත් විදිහක්!

Date:

කොළඹ LNW: වෙසක් සැරසිලි ඇතුළු සැරසිලි මෙරටට ආනයනය කිරීම නතර කිරීමෙන් රු.කෝටි 90ක මුදලක් රටට ඉතිරිවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එලෙස සැරසිලි ආනයනය නතර කිරීමෙන් සැරසිලිවල අඩුවක් හෝ භක්තියේ අඩුවක් පෙනෙන්නට නැති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

පසුගිය 2022 වසර ඉතාම දුෂ්කර වසරක වුවද මෙම සැරසිලි ආයනය සඳහා රු. කෝටි 90ක් වැය කර ඇති බවයි සියඹලාපිටිය මහතා පවසන්නේ.

මේ වන විට වෙසක් කූඩුවේ සැකිල්ල සාදා අලෙවි කිරීම සිදුකරන අතර දරුවන සිය නිර්මාණශීලිත්වය වැඩිකරමින් ඒවාට අලංකාර ලෙස කොළ අලවන බවද හෙතෙම කියාසිටියි.

ඒ අනුව රට තුළ කළ හැකි නිෂ්පාදන දියුණු කරගත යුතුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු කරන...

දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...