ආණ්ඩුව සල්ලි ඉතිරි කරගත් තවත් විදිහක්!

කොළඹ LNW: වෙසක් සැරසිලි ඇතුළු සැරසිලි මෙරටට ආනයනය කිරීම නතර කිරීමෙන් රු.කෝටි 90ක මුදලක් රටට ඉතිරිවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එලෙස සැරසිලි ආනයනය නතර කිරීමෙන් සැරසිලිවල අඩුවක් හෝ භක්තියේ අඩුවක් පෙනෙන්නට නැති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

පසුගිය 2022 වසර ඉතාම දුෂ්කර වසරක වුවද මෙම සැරසිලි ආයනය සඳහා රු. කෝටි 90ක් වැය කර ඇති බවයි සියඹලාපිටිය මහතා පවසන්නේ.

මේ වන විට වෙසක් කූඩුවේ සැකිල්ල සාදා අලෙවි කිරීම සිදුකරන අතර දරුවන සිය නිර්මාණශීලිත්වය වැඩිකරමින් ඒවාට අලංකාර ලෙස කොළ අලවන බවද හෙතෙම කියාසිටියි.

ඒ අනුව රට තුළ කළ හැකි නිෂ්පාදන දියුණු කරගත යුතුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...