විජයදාසගේ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කෙරේ!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 07, කොළඹ (LNW): ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පැනවූ වාරණය ක්‍රියාත්මකවීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළ බව පැවසේ.

විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී එන් සමරකෝන් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළ බව පැවසේ.

ඒ අනුව අදාළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීම සදහා නොතීසි නිකුත් කිරීමකින් තොරව නිශ්ප්‍රභ කරන බව අධිකරණය සදහන් කළ බව වාර්තා වේ.

අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න / මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවයි කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත්කිරීම සහ එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පසුගියදා වාරණ නියෝගයක් නිකුත් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...