ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: නඩු 10 නොව 100ක් ගෙනාවද 2029 නාමල් රාජපක්ෂ ජනාධිපති වීම කිසිම ජගතෙකුට නැවැත්විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පැවසීය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පොදු ජන පෙරමුණ ගමින් ගමට යන වැඩසටහනේ බියගමදී පැවති ආරම්භක රැළිය අමතමිනි.
”අනුර කුමාර දිසානායක මැයි දිනයට ඇවිල්ලා කම්කරුවට කතා කළේ නැහැ. මැයි දිනයට ඇවිල්ලා අනුරට කතා කරන්න තිබුණේ ඒගොල්ලන්ගේ අර ඩෝබි බලකායට විතරයි. ඒගොල්ලන්ව චූන්කරන්න අනුර වේදිකාවට නැගල කිව්වා එක දෙයක් ලබන සුමානේ හිරේ දානවා. ඊළඟ සුමානේ හිරේ දානවා. තව නඩු පහක් එනවා. තව නඩු 10ක් එනවා. ඒ නිසා අනුරට අපි කියනවා නඩු දහයක් නෙවෙයි නඩු 100ක් ගේන්න. හිරගෙවල් 1000ක් හදන්න. ඔබතුමාලා බොරු චෝදනා කරලා, ඔබතුමාලා ජනතාව ප්‍රකෝපකාරී කරලා,ඔබතුමාලා වෛරය හදල,මොන තර්ජන දැම්මත් නාමල් රාජපක්ෂ 2029 ජනාධිපතිකරන එක නවත්වන්න කිසි ජගතෙකුට බෑ කියන එක අද බියගමින් පෙන්වල තියෙනවා.” යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.


