බැසිල්ගෙන් විමල්ට දුරකථන ඇමතුමක් !!

Date:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කොළඹ විජේරාම පෙදෙසේ පිහිටි සිය නිලනිවස ඉදිරිපිට පැවැත්වූ කඩල දන්සලේ කඩල බෙදීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ එක්වී සිටීම සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයට ලක්ව තිබිණි.

ඒ, විමල් වීරවංශ මහතා මේ දිනවල රාජපක්ෂවරුන්ගේ පතුරු අරිමින්, ඔවුන් සමග කිසිදු දේශපාලනයකට යළි නොයන බව කියා දෙස් තියමින් සිටියදී ඔහුගේ බිරිඳ මෙසේ මහින්ද රාජපක්ෂ මහතාගේ දන්සැලේ කඩල බෙදන්නට යාම හේතුවෙනි.

මේ සිදුවීම පිළිබඳ විවිධ අර්ථකථන, විග්‍රහ සමාජ මාධ්‍ය තුළ පැතිරෙන අතරේ මීට දින කිහිපයකට පෙර සිදුවූ තවත් විශේෂ සිදුවීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචිමාර්ග ඔස්සේ අපට දැනගැනීමට හැකිවිය.

ඒ, පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ජානිපෙ නායක විමල් වීරවංශ මහතාට සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාට දුරකථන ඇමතුම් ලබාදී ඇති බවයි.

ගතවූ වසර දෙකක පමණ කාලයක් තිස්සේ විමල්ගේත් ගම්මන්පිලගේත් දැඩිම විවේචනයට හා ප්‍රහාරයට ලක්වූ පරම හතුරා වී සිටියේ බැසිල් රාජපක්ෂ ය.

එසේ තිබියදීත් බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා උදය ගම්මන්පිල මහතාට දුරකථන ඇමතුමක් ලබාදී, ඒ ඔස්සේ විමල් වීරවංශ මහතාව ද සම්බන්ධ කරගෙන ඔවුන් දෙදෙනාටම ආරාධනයක් කර ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පැවසුවේ.

දීර්ඝ කාලයක් තිස්සේ එකම කඳවුරක දේශපාලනය කළ තමන් මෙසේ දෙපිළකට බෙදී වෙන්වීමෙන් කිසිදු වාසියක් නොලැබෙන බවත් මේ ආකාරයෙන් කටයුතු කළහොත් රටේ දේශපාලනය කැරකෙන ආකාරය අනුව තමන් දෙපාර්ශ්වයට ම අනාථ වීමට සිදුවන බවත් ප්‍රකාශ කර ඇති බැසිල් රාජපක්ෂ මහතා විමල්ට සහ ගම්මන්පිලට ආරාධනා කර ඇත්තේ යළිත් එක්ව දේශපාලනය කිරීමට ය.

මේ සම්බන්ධයෙන් විමල්ගේ සහ ගම්මන්පිලගේ ප්‍රතිචාරය කුමක් වීද යන්න අපට දැනගැනීමට නොලැබුණු නමුත් විමල්ගේ බිරිඳ මහින්දගේ කඩල දන්සැලගේ සිටින ආකාරය නම් දැකගැනීමට ලැබිණි.

විමල්ගේ බිරිඳ දැනටමත් පාස්පෝට් නඩුවකින් වැරදිකාරිය වී සිර දඬුවම් නියම වී ඇප මත නිදහස්ව සිටින අතර විමල්ටත් තව නඩු තිබේ. CIA හෝ FBI කුමන්ත්‍රණ කෙසේවෙතත් මෙවැනි නඩු කටයුතු නම් සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලනයේදී අතිශයින්ම තීරණාත්මක වන බව අපට අත්දැකීමෙන් කිවහැකිය.

සිදුවන්නේ කුමක්ද යන්න ඉදිරියේදී පෙනෙනු ඇත ….

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...