*
Friday, March 29, 2024
spot_img

Latest Posts

මහින්ද බැසිලගේ අත්අඩංගුවේද ?

රටේ රාළ මැයි දිනය ගැන ලිපි දෙකකින් කතා කළා.ඒත් ආයෙත් පොහොට්ටුවේ මැයි දිනය ගැන කතා කරන්න වෙලා.ඒ මාතෘකාව ආයෙත් කරලියට ගෙනාවේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර. මහාචාර්ය රංජිත් වහෙන් ඔරෝ හාෂාවෙන් කියන කතාව රටේ රාළට කෙලින්ම කියන්න හිතුනා. ඔයාලට මතක ඇති පහුගිය සිංහල, දෙමල අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා ඔය මහාචාර්ය බණ්ඩාරම කිව්වා හිසතෙල් ගාන සුභ මොහොතෙන් පස්සේ පොහොට්ටුවේ ඊළග නායකයා ගැන නිල වශයෙන් රටට දැනුම් දෙනවා කියලා.

රංජිත් බණ්ඩාරගේ ඒ කතාවට සමාන්තරව එදාම සාගර කාරියවසම් කිව්වේ මහින්ද කියන්නේ පොහොට්ටුවේ ජේෂ්ඨ නායකයා.රටට නායකත්වය දෙන්න පොහොට්ටුවෙන් නායකයෙක් හදුන්වලා දෙනවා කියලයි.හිසතෙල් ගාන නැකත පහුවුනත් බඩු එලියට ආවේ නෑ.හැබැයි රටේ රාළ කියන්නේ මැයි දිනයෙන් පස්සේ පෙන්නන්න පුළුවන් මට්ටමේ නායකයෙක් දැන් එයාලට ඉන්නවා කියලයි.සිංහල අවුරුදු කාලේ එයා හිටියේ සැඟවුණ අමුත්තා විදිහට. එහෙම හිටපු කෙනා මැයි දිනය දවසේ පොහොට්ටුවේ මැයි දින වේදිකාවල උඩ තියලා පොහොට්ටුවේ නායකයා විදිහට කොලේ වහලා භෞතීස්ම කළා. ඔයාලා දන්නවා රටේ රාළ මේ කියන්නේ කවුරු ගැනද කියලා. වෙන කවුරුත් ගැන නෙවෙයි බැසිල් රාජපක්ෂ ගැන.ඇත්තට දැන් පොහොට්ටුවේ බලසම්පන්නම නායකයා බැසිල්.එතකොට මහින්ද කවුද කියන ප්‍රශ්නය එනවා. මහාචාර්ය රංජිත් බණ්ඩාර නං කියන්නේ මහින්ද පොහොට්ටුවේ අධ්‍යාත්මික නායකයා කියලයි.

රටේ රාළ කියන්නේ දැන් මහින්ද පොහොට්ටුව ඇතුලේ රූකඩයක් විතරයි.මහින්දට දේශපාලන වශයෙන් පඹයෙක් කිව්වත් කමක් නෑ.පොහොට්ටුවේ මහින්ද කියලා කෙනෙක් හිටියා කියන්න විතරක් මහින්දව ගෙනත් ඉස්සරහින් තියා ගන්නවා.හිසතෙල් ගෑමෙන් පස්සේ බැසිල් නායකයා විදිහට ප්‍රකාශ කරන එක නැවැත්තුවේ මහින්ද. නාමල් යටකරන්න බැසිල් දරපු උත්සාහයට මහින්ද පරාජය කළේ එහෙමයි.හැබැයි බැසිල් ගේම අතෑරියේ නෑ.බැසිල් Plan B එක පටන් ගන්නේ එතනින් පස්සේ. එස්එම් චන්ද්‍රසේන කියන කතාවෙන් ඒක තහවුරු වෙනවා.එස්එම් කියන්නේ පොහොට්ටුවේ මැයි දිනය ඔය මට්ටමේන් සමරන්න තීරණය කරන්නේ මැයි දිනයට සතියකට උඩදී කියලයි.ඒ කියන්නේ අප්‍රියෙල් අඟ සතියේ.හිසතෙල් ගාන නැකත තිබුණේ 16 වෙනිදා.පළවෙනි Plan එක අවුල් වුනාට පස්සේ දෙවෙනි Plan එකකට එන්න වෙන්නේ හතර වෙනි සතියේ විතර තමයි.ඒතනදී තමයි මෙයාලා ඒ වෙනුවෙන් මැයි දිනය පාව්චි කරගන්න තීරණය කරන්න ඇත්තේ.

අනික Plan එක කලින් දැම්මොත් මහින්දට සහ නාමල්ට වැඩේට එන්ටර් වෙනවා.එතකොට ඒක ඇතුලේ නාමලුත් පේන්න පටන් ගන්නවා.මේ මැයි දිනය ඇතුලේ නාමල්ට රෝල් එකක් නොතිබීමෙන් මේක කොලේ වහලා ගැහිල්ලක් බව තහවුරු වෙනවා.නාමල් දැක්කේවත් නෑ.මහින්දගේ සභාපති හාමුදුරුවරුවෝ දැක්කෙත් නෑ. මහින්දගේ රෝල් එක මකන්න බැරි නිසා මහින්ද විතරක් හිටියා. සියල්ල බැසිල්ගේ කණ්ඩායමේ අධිකාරී බලයට යටත් කරලා තිබුණා.මහින්දගේ රෝල් එක අයින් කරන්න බෑ.අනික ඒක අයින් කරන්න ඕනිත් නෑ.දැන් ඉස්සර වගේ මහින්දට වේදිකා උඩ සෙල්ලං දාන්න බෑ.කීපදෙනෙක්ගේ කර උඩින් වේදිකාවට ඇවිත් වචනයක් දෙකක් කියලා කීපදෙනක්ගේ කර උඩින් ආපහු යන්න විතරයි දැන් මහින්දට පුළුවන්.හැබැයි ඔයාලට මතක ඇති ඉස්සර මහින්ද වේදිකාවට එන විදිහ,වේදිකාව උඩට නැඟලා ජනතාවට ආචාර කරන විදිහ.ඇත්තටම මහින්දගේ ඒ රංගනයට තමයි මේ රටේ වැඩවසම් බයියෝ දෙවෙනි වතාවටත් රැවටුනේ.මහින්දටත් දැන් මම මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ වෙලා.

හැබැයි මහින්ද ඉස්සර වේදිකා උඩ දාපු සෙල්ලම් දාන්න දැන් අලුත් ජොකියෙක් ඇවිත්.මිනිහා වේදිකාව ළඟට ආවෙත්,වේදිකාවට නැග්ගෙත්,වේදිකාව උඩ හැසිරුණෙත් එහෙමයි.ඇත්තටම බැසිල් කලින් මහිදන්ගේ වේදිකාව උඩ හැසිරීම හොඳට අධ්‍යනය කරලා තියනවා.සෑහෙන වීඩියෝ ටිකක් බලන්න ඇති.නැත්තං ඔච්චර හොදට කරන්න බෑ.මේ පාර පොහොට්ටුවේ මැයි වේදිකාව උඩ සිද්ධවුනේ යසලාලක තිස්ස රජ්ජුරුවන්ට වුනා වගේ වැඩක්.රජා ඉන්දැද්දීම දොරටු පාලයා රජ පුටුවට ගෙනාවා.හැබැයි මේ පාර ගේම ගැහුවේ රජාට හෙල්ලෙන්නවත් ඉඩක් නැති කරලා.එහෙම ගේම ගහලා ඇවිත් තමයි මහාචාර්ය රංජිත් බණ්ඩාර අර වහෙන් ඔරෝ භාෂාවෙන් ඇත්ත නායකයා කවුද කියලා කිව්වේ. මහාචාර්ය බණ්ඩාර කියන්නේ දේශපාලනය තේරෙන අයට වැඩේ තේරෙන්න ඇති කියලයි.එතකොට එහෙනං වැඩේ ඉස්සෙල්ලාම තේරෙන්න ඇත්තේ මහින්දට වෙන්න ඕනි.මහින්දට දේශපාලනය තේරෙන නිසා තමයි සභාපතිකමට බැසිල්ගේ කෙනෙක් දාන්න ඉස්සෙල්ලා හාමුදුරුකෙනෙක් දැම්මේ.

ඒත් මේ පාර බැසිල් මහින්දව කොටු කළා.රටේ රාළ කියන්නේ පොහොට්ටුවේ අපේ යාලුවෝ තවමත් මහින්ද පොහොට්ටුවේ නායකයා කියලා හිතාගෙන ඉන්නවා නම් මේ කතාවෙන් පස්සේ හරි ඒ අදහස ඉල්ලා අස්කර ගන්න.දැන් පොහොට්ටුව කියන්නේ මහින්ද රාජපක්‍ෂවත්,නාමල්වත්, උතුරාවල ධම්මරතනවත් නෙවෙයි, දැන් පොහොට්ටුව කියන්නේ බැසිල්. කොහොම උනත් මෙතනදී රටේ රාළට එකක් කියන්න තියනවා.රටේ රාළ මහින්දගේ දේශපාලනට හැමදාම විරුද්ධයි.හැබැයි මහින්දට ශ්‍රිලනිපයේ නායකයා වෙන්නත්, පොහොට්ටුවේ නායකයා වෙන්නත් අවශ්‍ය දේශපාලන සුදුසුකම තිබ්බා. මහින්ද දූෂිතයෙක් බව ඇත්ත.ඒ වගේම ගේම්කාරයෙක් බවත් ඇත්ත.ඒත් ඒ හැමදේටම ඉස්සරහින් මහින්ද කරපු දේශපාලනයක් තිබුණා.ඒකට අපි එකඟ උනත් නැතත් මේ රටේ ජනතාව මහින්දගේ නායකත්වය අනුමත කළා.ඒ ජනවරම පාව්චි කරගෙන මහින්ද ගොඩක් වැරදී කලා.

ඒවා අතරින් ප්‍රධාන එකක් තමයි දේශපාලනයට සුදුසු නැති පවුලේ කට්ටිය දේශපාලනයට ගෙන ඒම.ඒ අතර ප්‍රධාන නුසුදුස්සෝ දෙන්නෙක් හිටියා.ඒ ගෝඨාභය සහ බැසිල්. ඇත්තටම නාමල්ට ඒහා සමාන විවේචනයක් නෑ.මහින්ද ඒ ගෙනාපු විනාශකාරී දේශපාලන චරිත දෙක මේ රට මේ තත්වයට ඇදලා දැම්මා. මේ රට බංකොලොත් වෙන්නේ ගෝඨාභයගේ ජනාධිපතිත්වය යටතේ සහ බැසිල්ගේ මුදල් ඇමතිත්වය යටතේයි.ඇත්තට එදත් මහින්ද දේශපාලන වශයෙන් පඹයෙක් විතරයි.ඊළගට පොහොට්ටුවේ ඔයාලා තවදුරටත් අමතක නොකළ යුතු සහ ලැජ්ජා විය යුතු කාරණාවක් මෙතන තියනවා.ඒ ගෝඨාභය සහ බැසිල් දෙන්නම ඇමරිකන් පුරවැසියන් බව.ගෝඨාභය තමන්ගේ ඇමරිකන් පුරවැසිකම අයින් කර ගත්තේ ජනාධිපති වෙන්න මිසක් මේ රටට ආදරේට නෙවෙයි.බැසිල් කියන්නේ තවමත් ඇමරිකන් පුරවැසියෙක්. එයත් කවදා හරි ඇමරිකන් පුරවැසිකම අයින් කරගන්නේ ජනාධිපතිවරණට ඉදිරිපත් වෙන්න තමයි.

ඒත් බැසිල්ට කවදාවත් ලංකාවේ ජනාධිපති වෙන්න බෑ.වෙන්න දෙන්න ඕනිත් නෑ.ඒ අර්ථයෙන් හිතුවොත් බැසිල්ට වඩා රනිල්ට, අනුරට,පාඨළීට,සජිත්ට ඕනි තරම් සුදුසුකම් තියනවා.ඇත්තටම ඇමරිකන් පුරවැසියෙක් තමන්ගේ නායකයා විදිහට පත් කරගෙන ඉදිරියට යෑම පිළිබදව පොහොට්ටුවේ සියලු දෙනාම ලැජාජා වෙන්න ඕනි.තවදුරටත් මෙහෙම යනවා නං පොහොට්ටුවේ ඉන්නේ නිකං බයියෝ නං වෙන්න බෑ.අනිවාර්යයෙන්ම දාර බයියෝ වෙන්න ඕනි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan