*
Monday, May 20, 2024
spot_img

Latest Posts

වමේ පරමාදර්ශී ඉන්ද්‍රඛීලය ; මහා රතුබාහුට දීර්ඝායු …

තමන්ට තමන් මතක නැතිවෙන වයස වෙනකම්ම ස්වකීය මතවාදයේ නොසෙල්වී පර්වත කූඨයක්වගේ හිටපු වාමාංශික බුද්ධිමතෙක් ලංකාවේ හිටියනම් තාමත් ඉන්නව නම් ඒ වික්‍රමබාහු කරුණාරත්න..

වම, දකුණට ඔක්කොම එක ගුළියට ගෝත්‍ර යුද්ධෙට බොක්කෙන් සපෝට් දෙනකොට, ලංකාවේ සම්බාව්‍ය මාක්ස්වාදයේ ඔස්තාර්ලා කියාගත්ත වි.කො.ස. පවා වක්‍රව සිංහල බෞද්ධ ඒකීය රාජ්‍ය පැත්තෙ හිටගෙන ඉන්නකොට පීඩිත ජනවර්ගයක් වෙනුවෙන් තනිවම කට ඇරපු ඒනිසාම රාජපක්ෂ ගෝත්‍ර මැරයන්ගෙ පොලු පාරවල් වලින් ඔළුව පලාගත්ත වමේ එකම රතු කමිස කාරයා වික්‍රමබාහු …

ඒ වගේම මට අනුව මාක්ස්වාදයේ හතර කොන පටලව ගත්තේ නැති ලංකාවේ එකම මාක්ස්වාදොයාත් වමේ ප්‍රාඥ්ඥායත් ඔහුයි..මේ වැඩවසම් දූපතේ සමාජවාදය හැදෙන්ට කලින් මුලින් ධනවාදය හැදෙන්ට ඕන යැයි ඔහු කිවූ තිත්ත ඇත්ත පරම සත්‍යයක්..

කීර්ති විජේබාහු, කැප්පෙටිපොළ වර්ගයේ පරමාදර්ශ කරගහගෙන තව තවත් අතීත ගෝත්‍ර වාදවලට මිසක් අනාගත ලෝකයට යන්න බෑ කියන එක ඒ විකාර මතවාද ගෝස්තර ගෙනාපු අයටම දැන් තේරිලා..

මේ කොදෙව්වෙ ඝනීබූත වෙලා තියෙන වැඩවසම් බඩකඩිත්තු මකබෑවිලා යන්ට නම් මුලින්ම ප්‍රාග්ධනයට දොරවල් ඇරිය යුතු බව ඔහු කිවූ අනාගත වාක්‍ය මේකෙ හනමිටි මාක්ස්වාදියෝ ඉතිහාසයෙන් වඳ වෙනකම්ම තේරුම් ගනීද මන්දා….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan