*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

නිලක්ෂි නරඹන්නියක් කර චමරි පෑ ප්‍රාතිහාර්යයෙන්, ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ කුසලානය හිමිවෙයි

සටහන – නිශ්මං රණසිංහ

මැයි 08, කොළඹ (LNW): ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා පැවත් වූ තරගාවලිය අබුඩාබි හී දී නිමාවට පත් වුණේ ශ්‍රී ලංකාවට සූරතාවය හිමි වෙමින්.තරගාවලිය නිමාවට පත් කරමින් අවසාන මහා තරගයේ දී චමරි අතපත්තු සුපුරුදු රිද්මයට පැමිණ ලකුණු 102 රැස් කරේ පන්දු 63 ක් පමණක් වැය කරමින්.චමරි සිය අර්ධ ශතකයට පන්දු 40 වැර කරනු ලැබුවා.නමුත් එම අර්ධ ශථකය ශතකයක් බවට පත් කිරීමට ඇයට අවශ්‍යය වූයේ තවත් පන්දු 20 ක් පමණයි.පන්දු 60 දී ශතකය සම්පූර්ණ කළ චමරි ඒ සඳහා හයේ පහර 4 ක් සහ හතරේ පහර 13 ක් එල්ල කළා.


මේ තරයේදීත් එක්දින ලෝක වාර්තාවකට යාම සඳහා චමරි සමඟ එක්ව ලකුණු රැස් කළ නිලක්ෂි සිල්වා චමරි සමඟ ලකුණු 106 ක සබඳතාවයක් 4 වන කඩුල්ලට එකතු කරනවා.ඒ කාලයෙන් වැඩි අවස්ථාවක් පන්දුවට පහර දුන්නේ චමරි වන අතර නිලක්ෂි චමරි වෙත එක ලකුණුක් ලබා අවස්ථාව ලබා දුන් ලෙසම චමරිද අවස්ථාව ලබා ගත්තා.නිලක්ෂි මේ තරගයේ දී ලකුණු 26 ක් නොදැවී රැස කරන්නට පන්දු 26 ක් වැය කළ අතර ඇය චමරිට ප්‍රහාරය මෙහෙයවීමට දී තරග නරඹන්නෙක් බවට පත්ව,චමරිමය ප්‍රාතිහාර්ය හොඳින් විඳ ගත්තා.එහෙත් චමරි අවසාන මොහොතේ දී දැවී යාමත් සමඟ පැමිණි හසිනි පෙරේරා ද පළමු පන්දුවෙන්ම දැවී ගිය පසු අවසාන ඕවරයේ චමරි නැති අඩුව පිරිමහමින් නිලක්ෂිගේ ලකුණු 26 ට එක් හයේ පහරකුත් ඇතුළත් කර ගත්තා.චමරි ලකුණු 26 වෙනුවෙන් විනාඩි 52 ක් ගත කර තිබුණත් පන්දු 26 ට පමණක් මුහුණ දී තීබුණ ඇය, චමරිගේ ශතකයත්, විශේෂයෙන්ම කණ්ඩායමත් වෙනුවෙනුත් කරන ලද කැපවීම තේරුම් ගත හැකියි.


චමරි අතපත්තුගේ ඉණිම විශේෂ එකක් වන්නේ ඇය රැස් කළ මුළු ලකුණු 102 න් තර්ඩ්මෑන් කළාපයෙන් ලබා ගත් ලකුණු දෙකක් සහ ෆයින් ලෙග් කළාපයෙන් එල්ක කළ හතරේ පහරකින් එකත් කළ ලකුණු හයක් ඇරෙන්නට අන් සියලු ලකුණු සටහන් වී තිබෙන්නේ පන්දුවට පහර දෙන කඩුල්ලෙන් ඉදරියට ගමන් කරන ආකාරයට වීමයි.විශේෂයෙන්ම ඇය ලකුණු රැස් කළ රටාව මේ සටහන සමඟ දැකිය හැකි අතර ඇයගේ හයේ පහර 4 ම එල්ල කර තිබෙන්නේ මිඩ් විකට් සහ ස්කෙවෙයාර් ලෙග් ප්‍රදේශයෙන් වීම විශේෂයක්.එසේම ඇය හතරේ පහර 13 න් 9 ක් ම පොයින්ට් සහ ඩීප් මිඩ්ඕෆ් අතරින් ස්ථාන ගත කර තිබෙනවා.මේ අනුව ඇයගේ ප්‍රහාරයේ වේගය මෙන්ම ශක්තියත් තාක්ෂණයක් මැනවින් ගැබ්ව තිබෙන,දක්ෂ සහ දුර්ලභ පිතිකාරිණියක බව තහවුරු වෙනවා.


ස්කොට්ලන්තය කාසියේ වාසිය ලබා පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ඇරයුම් කළ අතර එහිදී චමරිගේ ශතකය හැරෙන්නට,ශ්‍රි ලංකාව කඩුලු 5 ක් දැවී රැස් කරන ලද ලකුණු 169 ට ඉලක්කම් දෙකේ ගණන් එකතු වුණේ නිලක්ෂිගෙන් සහ ලකුණු 15 ක් ලැබූ කවිශා දිල්හාරිගෙන් පමණි.එහිදී චමරි අතපත්තු යනු කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන් සමඟ ගත් විට පිතිකරණයේදී අඩකටත් වැඩි බව තේරුම් ගෙන ශ්‍රී ලංකා පිතිකාරිණියන් මේ තරගාවලිය පුරා චමරිට සිය ඉණිමේ මුල් කොටස ඉවසීමෙන් ගොඩ නඟා ගන්නට පරිසරය සකසා දෙමින් ලකුණු වේගය වැඩි කිරිමේ වලකීම වෙනුවෙන් ක්‍රියා කරන බවක් දකින්නට ලැබුණා.එය ඉතා හොඳ පියවරක් වෙන අතර චමරි නිවැරදිව පන්දුව කියවා ගැනීම සඳහා දෑස හුරු කර ගැනිමට පෙර පන්දු යැවූ ක්‍රීඩිකාවන් හැරෙන්නට සෙසු සියලු දෙනාටම තරගයේ අවසාන භාගයේ දී හොඳින් සංග්‍රහ කරන්නට චමරි අමතක කළේ නැහැ.

චමරිගේ ඉණිමේ ලකුණු ගලා ආ හැටි


චමරි අතපත්තු දවා ගත් පන්දුවට පසු පන්දුවේදී හසිනි පෙරේරා ද ලකුණු නොදීම දවාගත් කැතරින් ෆ්‍රෙෂර් ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ලකුනු 35 ට කඩුලු 2 ක් බිඳ දැමුවා.ඒ ඔවුන්ගේ වාර්තා වුණු හොඳම පන්දු යැවීම වූ අතර ස්කොට්ලන්ත කණ්ඩායම පහර දෙන්නට සූදානම් වී පිටියට පැමිණිය ද,එය එතරම් පහසු කාර්යයක් වුණේ නැහැ.ලකුණු 23 ට කඩුලු 4 ක් බිඳ වැටුණා.එතැන් සිට ප්‍රියනාෂ් චැටර්ජි (30) සහ ලෝර්නා ජැක් (12) එක්ව ලකුණු පස්වන කඩුල්ලට එකතු කළා.එය ඉණිමේ හොඳ සබඳතාවය වූ අතර චැඓ්ජි පනදු 34 දී ලැබූ ලකුණු 30 කණ්ඩායමේ පිතිකාරිණියක ලැබූ වැඩිම ලකණු ප්‍රමාණය වූවාය.හත්වන කඩුල්ල ලකුණු 35 දී දැවී ගිය පසුව වේගයෙන් පන්දුවට පහර දෙමින් පන්දු 22 දී අවෙන කඩුල්ලට ලකුණු 26 සබඳතාවයක් පවත්වන්නට රැචේල් ස්ලේටර් (15) සහ චලෝයි අබෙල් (11) සමත් වුණා.පන්දු ඕවර් 20 නිමාවන විට ඒ අනුව ස්කොට්ලන්තයට සියල්ල දැවී නොයා,කඩුලු 7 ට ලකුණු 101 ක් එකතු කර ගන්නට හැකි වුණා.


පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධනී ලකුණු 13 ට කඩුලු 4 ක් දවා ගත්තා.ඉනෝෂි ප්‍රනාන්දු ද සිය පන්දු ඕවර් 4 ලකුණු 13 ට නිමා කර එක් කඩුල්ලක් දවා ගන්නට සමත් වුණා.සුගන්ධිකා කුමාරි සහ කවීශා දිල්හාරි ලකුණු 17 සහ 25 බැඟීන් ලබා දෙමින් එක් කඩුල්ල බැඟින් දවා ගත්තා.

අබුඩාබි ලංකාවක් කළ ප්‍රේක්ෂක ආදරය


අවසාන තරගයට පෙර ලකුණු එකතුවෙන් තරගාවලියේ පිතිකරුවන් අතර තෙවන තැන සිටි චමරි අතපත්තු අවසාන තරගයේදී ලබා ගත් ශතකයත් සමඟ පෙරමුණේ රැඳුණා.එසේම චමරි සමඟ ඉණිම ඇරඹූ විශ්මි ගුණරත්න ඊෂා ඕෂා සමඟ ලකුණු 189 බැඟින් සම ලකුණු ලබා ගන්නට සමත් වුණා.වැඩිම කඩුලුලාභිණිය වෙන්නට සමත් වූ ස්කොට්ලන්තයේ රැචෙල් ස්ලේටර් කඩුලු 11 ක් ලබා ගන්නට සමත් වුණා.ඉනෝෂි ප්‍රනාන්දු සහ කවීහා දිල්හාරි කඩුලු 8 බැඟින් ද චමරි අතපත්තු කඩුලු 7 ක් ලෙස කබා ගනිමින් ප්‍රතිවාදී පිතිකරුවන් පාලනයේ දී පෙරමුණ ගනු ලැබුවා.ඒ අතරිනි ඉනෝෂි තරගාවිලයේ ඕවරයක් සඳහා හොදම ලකුණු සාමාන්‍ය වාර්තා කළ පන්දු යවන්නිය වුණා.එය ලකුණු 3.84 ක අගයක් ගනු ලැබුවා.
තරගයේ සමස්ත ලකුණු සටහනට පහතින් පිවිසිය හැකියි.

චමරිමයවූ චමත්කාරජනක ආදරය


https://www.espncricinfo.com/series/icc-women-s-t20-world-cup-qualifier-2024-1425615/scotland-women-vs-sri-lanka-women-final-1425660/full-scorecard

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan