ස්ථිර විසඳුමක් නොලැබුණහොත් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන් කරන්න යන දේ!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW): අද (08) පැවැත්වෙන සාකච්ඡා මඟින් තම ගැටලු සඳහා ස්ථිර විසඳුමක් නොලැබුණහොත් දැනට සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තව දුරටත් තීව්‍ර කිරීමට සිදුවන බව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය පවසයි. වැටුප් කප්පාදුව පිළිබඳව ගැටලුවක් මුල්කර ගනිමින් පසුගිය 03වන දා සිට විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටී.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ අනුශාසක කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ලේකකාධීකාරී සම්පත් උදයංග මහතා පවසා සිටියේ, අද පැවැත්වෙන සාකච්ඡාවේ දී වැටුප් කප්පාදුව පිළිබඳව කැබිනට් පත්‍රිකාව සාකච්ඡා කර ඉදිරියේ දී එයට විසඳුමක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවය. අද දිනයේ දී මෙම වැඩවර්ජනයට සමගාමීව උද්ඝෝෂණයක් ද පැවැත්වීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...