මාමා බෑනා පක්ෂයට (UNP) හිතවත් පුවත්පතක් විපක්ෂ නායකගේ වරප්‍රසාද උල්ලංඝනය කරලා

Date:

මාමා බෑනා පක්ෂයේ (යූඇන්පී) ඒජන්තවරයකු වන ඩේලිමිරර් පුවත්පත හරහා සජිත් ප්‍රේමදාස වන තමා ඊයේ ගුවන්තොටුපොළේ සිදු වූ සිදුවීමට අදාළව සඳරු කුමාරසිංහ නම් තරුණ ව්‍යවසායකයාගේ ගැටලුව වැඩිදුර ඉදිරියට ගෙන නොයන ලෙස පැවසුවත්, මේ පුවත්පත මඟින් වීසා ෆියැස්කෝ එකේ ගැටලුව වැඩිදුර ගෙන නොයා අමතක කරන ලෙස සඳහන් කර ඇති බවත් මෙය වැරදි ප්‍රකාශයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ තමා කියූ බවට සඳහන් කරමින් අසත්‍ය ප්‍රකාශයක් ඩේලි මිරර් පුවත්පතේ පළ වී ඇති නිසා එය තමාගේ වරප්‍රසාද උල්ලංඝනයක් යැයි පාර්ලිමේන්තුවේදී ඒ බව ප්‍රකාශ කළේය.

වීසා ගැටලුව පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් ඉදිරිපත් කළේ තමා බවත් ඉන් පසුව එය අනාවරණය වූ බවත් මේ සම්බන්ධයෙන් තමා ප්‍රශ්නයකුත් අසා පිළිතුරු අපේක්ෂාවෙන් සිටින බවත් මේ විෂය ගැන තමා ප්‍රකාශන රැසක් සිදු කර ඇති පසුබිමක මාමා බෑනා පක්ෂයට හිතවත් පුවත්පතක් මෙවැනි අසත්‍ය ප්‍රකාශයක් පළ කර ඇති බවත් මොවුන් වරප්‍රසාද කමිටුවට ගෙන ඒම අවශ්‍ය නොවූවත් මෙවැනි බොරු ලියා මාධ්‍ය නිදහස අවභාවිත නොකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ 29 තෙක් යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: පසුගියදා අල්ලස් කොමිසම මගින්...

සමාජ මාධ්‍ය මඟින් අධිකරණ තීන්දුවලට බලපෑම් කිරීම පිළිබඳ BASL වෙතින් අනතුරු ඇගවීමක්!

කොළඹ LNW:අධිකරණ තීන්දු පිළිබඳ සමාජ මාධ්‍ය සහ යූටියුබ් නාලිකා...

ඉරානය යුදෙව් විරෝධී ප්‍රහාර මෙහෙයවන බවට ඕස්ට්‍රේලියාවෙන් චෝදනා..

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්,...

අද බන්ධනාගාරගතව සිටින්නේ රට තිරණාත්මක මොහොතේ බේරාගත් නායකයා – රුවන් විජයවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින්...