ගෑස් භූමිතෙල් ඉල්ලා කොළඹ ස්ථාන රැසක විරෝධතා

Date:

කොළඹ නගරයේ ස්ථාන රැසක මේ වනවිට ජනතාව විරෝධතාවල නිරතව සිටිනවා. ඒ, ගෑස් සහ භූමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලමිනි.

ගෑස් ලබාදෙන ලෙස ඉල්ලමින් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඊයේ සිට විරෝධතා පැවති අතර මේ වනවිට විරෝධතාකරුවන් මහා මාර්ගයේ රැඳී සිටී. මෙම විරෝධතාවය හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස් ආශ්‍රිත ප්‍රදේශවල ඊයේ දැඩි වාහන තදබදයක්ද පැවතිණි.

මේ අතර මහරගම නාවින්න ප්‍රදේශයේද ගෑස් පාරිභෝගිකයන් අද පෙරවරුවේ විරෝධතාවයක් ආරම්භ කළේය. ඔවුන් හයිලෙවල් මාර්ගය අවහිර කරමින් සිය විරෝධතාවයේ නිරත වූ අතර විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසියද යොදවා තිබිණි.

මීට අමතරව රටපුරා බොහෝ ප්‍රදේශවල ජනතාව ගෑස් ඉල්ලා විරෝධතාවල නිරතවෙමින් සිටී.

මේ වනවිට රටපුරා ගෑස් හිගයක් පවතින අතර අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ගෑස් සැපයීමටද නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...