ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:2022 වසරේ මැයි 09 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් අලාභ හානි සිදු වූ මැති ඇමතිවරුන්ගේ නිවාස වෙනුවෙන් ලබා දුන් වන්දි මුදල් සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමක් අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුණු අතර එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළිත් නොතීසි නිකුත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

අදාළ දේපළ හානි වෙනුවෙන් හිටපු මැති ඇමතිවරුන් පිරිසක් නීති විරෝධී අයුරින් වන්දි ලබාගෙන ඇති බවත් එම මුදල් යළි රජයට අය කර ගැනීමට නියෝග කරන ලෙසත් ඉල්ලා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කර තිබුණු අතර අද සලකා බලා තිබුණේ එම පෙත්සමයි.

එහි වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපතිවරයාව නම් කර ඇත.

අදාළ වන්දි ගෙවීම් නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා ඇති අතර එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...