15 හැවිරිදි දැරියක බරපතළ ලිංගික හිංසනයට ලක්කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි නම් කරයි

15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා නිට්ටඹුව පොලිසියට අද (මැයි 08) නියෝග කළේ ය.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද එහිදී නිකුත් කෙරිණ.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ, හිමිනමක හා තවත් සැකකරුවන් දෙදෙනෙකු 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින 22424/2026 බී දරන නඩුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහගේ උපදෙස් මත එම අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජිවනී අබේරත්න අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් පසුව ය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් ජාතික ළමාරක්ෂණ අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජිවනී අබේරත්න පැවසුවේ, මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකෙරෙන පල්ලේගම හේමරතන නමැති හිමිනම මෙතෙක් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය අවස්ථා කිහිපයකදී ලිඛිතව සහ වාචිකව පොලිසියෙන් විමසීම් කළ බව ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශන පිළිබඳව ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිරන්තර විමසිල්ලෙන් පසුවූ බව ද නීතීඥවරිය පැවසුවා ය. ජාතික ළමාරක්ෂක අධිකාරිය කළ එම විමසීම්වලට පොලිසිය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා අගතියට පත් දැරියට යුක්තිය ඉටුකරවා දීම පිණිස මෝසමක් මගින් මෙම නඩුව කැඳවා කරුණු දැක්වීමට තීරණය කළ බව ද ඇය සඳහන් කළා ය.

පල්ලේගම හේමරතන හිමි සැකකරුවෙකු ලෙස නම් කිරීමට අවසර

මෙම අපරාධයේ සැකකරුවෙකු ලෙස අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව සැකකාරියක ලෙස නම් කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටි අධ්‍යක්ෂවරිය ඒ අනුව, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියා ය. සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද නීතීඥවරිය ඉල්ලීමක් කළා ය.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතීය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජීවනී අබේරත්න අධිකරණයට කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව මෙම අපරාධයේ සැකකරුවන් ලෙස නම් කරන ලෙස නිට්ටඹුව පොලිසියට නියෝග කළේ ය. ඊට අධිකරණයේ අවසරය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබා දුන්නේය.

ඒ අනුව, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නිට්ටඹුව පොලිසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර පල්ලේගම හේමරතන හිමියන් විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද නිකුත් කළේ ය.

බීබීසී සිංහල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...