ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW: ශ්රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේනගේ මරණය සියදිවි නසා ගැනීමකින් සිදුවූවක් ද, ඝාතනයක්ද නැත්නම් බලහත්කාරයෙන් සියදිවි නසා ගන්නා තත්ත්වයට පත්කිරීමක් ද යන සැකය මතුව තිබෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.
පසුගිය දිනවල කපිල චන්ද්රසේන සම්බන්ධයෙන් විශාල කතාබහක් පැවති අතර ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා සිය නිල කාමරයේදී සිදුකළ බව කියන බලහත්කාරී බලපෑමක් සම්බන්ධයෙන් කපිල චන්ද්රසේන විසින් දිවුරුම් ප්රකාශයක් මඟින් අනාවරණය කර තිබුණි.
එම දිවුරුම් ප්රකාශයට අනුව එය භයානක තර්ජනයක් බවයි පොහොට්ටු ලේකම්වරයා පවසන්නේ.
කෙසේවෙතත් මාස දෙකක පමණ කාලයකට පසු කලිප චන්ද්රසේන වෙත පසුගියදා ඇප හිමි වූ අතර ඊයේ දිනයේදී යළි එම ඇප අවලංගු කිරීමට අධිකරණය කටයුතු කර තිබුණි.
ඊට හේතු වී තිබුණේ ඇප මත මුදාහැරීමේ දී ඔහු විසින් ඉදිරිපත් කළ ඇපකරුවන් දෙදෙනා රුපියල් 15,000 බැගින් මුදල් ගෙවා ලබාගත් නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු බවට අනාවරණය වී තිබීම හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතා පවසන්නේ කපිල චන්ද්රසේන මහතා රිමාන්ඩ්ව සිටියදී ඔහුට ඇපකරුවන් සොයා ගැනීමේ හැකියාවක් නොමැති හෙයින් ඔහුට එම ඇපකරුවන් සම්බන්ධ වුආ ආකාරය ගැන අධිකරණය විසින් විමර්ශනය කළ යුතුව ඇති බවයි.
එමෙන්ම එම ඇපකරුවන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම දැනගත්තේ කෙසේද යන්න පිළිබඳවද පැහැදිලි කළ යුතුව ඇතැයි ඔහු සඳහන් කරයි.


