Tuesday, May 30, 2023
spot_img

Latest Posts

චීනය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහිව සන්ධානගත වේ

චීනය, ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය යන ත්‍රෛපාර්ශවීය රටවල විදේශ අමාත්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පසුගියදා ඉස්ලාමාබාද්හි පැවැති රැස්වීමකදි ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහිව ඔවුනොවුන් දිවුරුම් දී ඇති බව වාර්තා වේ.

මෙහිදී මෙම රටවල් ත්‍රිත්වය යහපත් සබඳතා තහවුරු කිරීමට, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීමට, එකිනෙකාගේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීමට සහ සමාන උපදේශන මගින් වෙනස්කම් සහ ආරවුල් නිසි ලෙස විසඳීම යන කරුණු වෙනුවෙන් එකඟ ව තිබේ.

2021 වසරේදී තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය ලබා ගැනීමත් සමඟ එක්සත් ජනපද හමුදා ඉවත්කර ගැනීමෙන් අනතුරුව ඇෆ්ගනිස්ථානය ජාත්‍යන්තර හුදකලාවකට ඇද දැමීම හේතුවෙන් ඇෆ්ගනිස්ථානය ආර්ථික හා මානුෂීය අර්බුදයකට මුහුණ දී තිබේ. ඇෆ්ගනිස්ථානයේ ඩොලර් බිලියන 10 කට ආසන්න වත්කම් එක්සත් ජනපදය විසින් අත්හිටුවා ඇති අතර ඇෆ්ගනිස්ථානය තඹ සහ ලිතියම් වැනි ඛනිජ සංචිත සඳහා චීන ආයෝජන ආකර්ෂණය අපේක්ෂා කෙරේ.

චීනය මේ වන විට පාකිස්ථානයේ බිලියන ගණනක් ආයෝජනය කර ආර්ථික කොරිඩෝව (CPEC)නිර්මාණය කරමින් සිටින අතර එයට ඉදිවෙමින් පවතින මාර්ග, දුම්රිය මාර්ග සහ වරාය ජාලයක් අන්තර්ගත වේ.

පකිස්ථානය සහ චීනය ඇෆ්ගනිස්ථානයට සම්බාධක පැනවීමට විරුද්ධ වන අතර නීති විරෝධී ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමට සහ කලාපීය සාමයට හා ස්ථාවරත්වයට හානි කරන සියලු ක්‍රියාවලට තමන් විරුද්ධ බව නිවේදනය කර තිබේ. (CPEC)හරහා ඇෆ්ගනිස්ථානයේ සංවර්ධන සහයෝගිතාව වැඩිදියුණු කිරීමට සහ ඇෆ්ගන් ජනතාව සඳහා ඔවුන්ගේ මානුෂීය සහ ආර්ථික ආධාර දිගටම කරගෙන යාමට චීනය හා පකිස්ථානය මෙහිදී එකඟ ව ඇති බවද අනාවරණය වේ.

සටහන – සශිකලා මධුෂාණී

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.