හිටපු කථානායක කරු ජයසූරිය මහතාට තවත් ජාත්‍යන්තර සම්මානයක්

Date:

“දකුණු ආසියාවේ විශිෂ්ඨතම නායකයාට හිමි ඉහළම ගෞරව සම්මානය” හිටපු කථානායක, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාට හිමි වී තිබේ.

“එක්සත් ජාතීන්ගේ තිරසාර විහිදුම් ඉලක්ක ක්‍රියාකාරී දශකය” යටතේ යුගයේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක ධුරය හෙබවීමෙන් සිදු කරන ලද විශිෂ්ට සේවාව නිසි ඇගයීම සඳහා සහ සන්ෆෝ ග්ලෝබල් ෆෙඩරේෂන් හි ගෞරවනීය අනුශාසක ලෙස කටයුතු කිරීම වෙනුවෙන් “ජනතාවට සාමය, සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවූ නිර්භීත ජනතා නායකයෙකු” ලෙස එතුමන් වෙත මෙම ජාත්‍යන්තර ගෞරව සම්මානය පිරිනමනු ලැබ ඇත.

මෙම ජාත්‍යන්තර සම්මානය ගෞරවාන්විතව 2022 මැයි 08 වන දින ශ්‍රී ලංකාවේ කොළඹදී පිරිනමන ලදි.

මෙම සම්මානයට අමතරව ජාත්‍යන්තර සම්මාන රාශියකින් ඒ මහතා පිදුම් ලබා තිබේ. ජපන් රජය විසින් ‍අන්තර්ජාතික සම්බන්ධතා, සංස්කෘතික ප්‍රවර්ධනය, සුබසාධනය, සංවර්ධනය යනාදී ක්ෂේත්‍රයන් තුළින් විශිෂ්ටතම සේවාවක් ඉටු කළ පුද්ගලයන් උදෙසා පුද කරන උසස්ම සම්මානය වන උදාවන සූර්යයා සම්මානයද වෙයි.

May be an image of text that says 'HIGHEST AWARD OF HONOUR FOR GREAT LEADERS IN SOUTH ASIA .o'ly Deshabandu Jayasuriya'
May be an image of 5 people, people standing and indoor
May be an image of 6 people, people standing and indoor
May be an image of 3 people and indoor
May be an image of 5 people and indoor

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...