හර්තාලයදා සේවයට වාර්තා නොකළ රාජ්‍ය සේවකයන් ගැන වාර්තා කැඳවයි

දීපව්‍යාප්ත හර්තාලයක් පැවති පසුගිය සිකුරාදා සේවයට වාර්තා නොකළ නිළධාරීන් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දන්වා තිබෙනවා.

ලිපියක් මගින් සිදුකර ඇති මෙම දැනුම්දීමට අනුව පසුගිය සිකුරාදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවයට වාර්තා කළ හා වාර්තා නොකළ නිළධාරීන් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ඉල්ලා ඇති අතර ඊට අදාලව ආකෘති පත්‍රයක්ද නිකුත් කර තිබේ.

මාණ්ඩලික හා මාණ්ඩලික නොවන නිළධාරීන් පිළිබඳ තොරතුරු වෙන වෙනම ලබාදෙන ලෙසද දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවලින් දැඩි විරෝධය එල්ල වී තිබේ. ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇති අතර එම සංගමය පවසන්නේ වෙනත් කිසිදු අමාත්‍යංශයක හෝ දෙපාර්තමේන්තුවක මෙවැනි තොරතුරු ලබා ගැනීමක් සිදුකර නොමැති බවයි. එසේ තිබියදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හර්තාලයට සහාය දැක්වූ නිළධාරීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට තීරණය කිරීම ගැටලු සහගත බවද එම සංගමය පවසනවා.

හර්තාලය පැවති දිනයේදී දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිළධාරීන්ගෙන් 95% ක් පමණ සේවයට වාර්තා කර නොමැති අතර ඇතැම් නිළධාාරීන් හර්තාලයට සහාය දෙමින් සේවයෙන් ඉවත්ව සිටිද්දී තවත් පිරිසක් ප්‍රවාහන අපහසුතා හේතුවෙන් සේවයට වාර්තා කර නොමැති බවද ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...