රනිල්ගේ කාලේ බාර් පර්මිට් එකක් දෙන්න බදියුදීන්ගේ මිත්‍රයෙක්ගෙන් කෝටි අටක අල්ලසක් අරන්!

Date:

කොළඹ LNW:පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බාර් පර්මිට් ලබා දී ඇත්තේ අල්ලස් ලබාගනිමින් බවට අද (09) පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පැවසීය.

රිෂාඩ් බදියුදීන් මහතාගේ මිත්‍රයෙකුට බාර් පර්මිට් එකක් ලබා ගැනීම වෙනුවෙන් රු.කෝටි අටක අල්ලසක් ලබා දීමට සිදුවූ බව බදියුදීන් මහතා තමන් වෙත පැවසූ අතර ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන එස තමන් උපදෙස් දුන් බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව පසුගිය කාලයේ පැවතියේ කප්පම් දේශපාලනයක් බවයි අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ.

පසුගිය පාලන කාලයේ කාලයේ අනීතිකව සිදුකළ බොහෝ දෑ පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවත් ඒවාට අදාළව විමර්ශන සිදුකරමින් පවතින බවත් පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ ජාතික ජන බලවේගය විසින් වෙනස් කරන ලද්දේ එවැනි දේශපාලන සංස්කෘතියක් බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු...