ලෝක වාසස්ථාන දිනයේදී මහජනතාවට නිවාස 5,000ක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW :

රජයේ ආධාර මත ඉදිකරන ලද නිවාස 5,000කට අධික සංඛ්‍යාවක් අද (05) දින මහජනතාව වෙත භාර දෙන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය එච්.එම්. සුසිල් රණසිංහ මහතා පවසයි.

මෙම නිවාස භාර දීමේ කටයුතු සිදු කෙරෙන්නේ ‘සැමට ප්‍රමාණවත් නිවාස’ යන තේමාව යටතේ මෙවර සමරනු ලබන ලෝක වාසස්ථාන දිනයට සමගාමීවය.

මෙම සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ, ලෝක වාසස්ථාන දිනයට සමගාමීව දිවයින පුරා ‘ජාතික නිවාස සතියක්’ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැඩි ආර්ථික බලපෑම් මැදම ඉරානයේ තෙල් ඇමති ඉල්ලා අස්වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පාක්නෙජාඩ් සිය තනතුරෙන්...

බ්‍රසීල ජනාධිපතිවරණය: ෆ්ලේවියෝ බොල්සනාරෝ සහ ලූලා අතර දෙවන වටයේ සටනක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපතිවරණය දක්ෂිණාංශික දේශපාලඥයෙකු...