කොළඹ LNW: 2022 ගෝල්ෆේස් ජන අරගලයට සමගාමීව මැයි 09 වැනිදා එල්ල වූ මිලේච්ජ ප්‍රහාරය සිහිපත් කරමින් අද (09) සහ හෙට (10) ජනතා අරගලයක මතක සටහන් නමින් ප්‍රදර්ශනයක් සංවිධනය කර තිබේ.
එම මහජන අරගලයේ සත්‍ය සිදුවීම්, මතකයන් සහ හරයන් සංරක්ෂණය කරමින් අනාගතයට දායක කිරීමේ අරමුණින් මෙය සංවිධානය කර තිබෙන අතර එකී මහජන අරගලය සමඟ එක්වූ පාර්ශවයන්හි මැදිහත්වීමෙන් එම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත.
අද දිනයේ මෙන්ම හෙට දිනයේදීත් පෙ.ව. 09.30 සිට ප.ව.05.30 දක්වා කොළඹ JDA පෙරේරා කලාගාරයේදී එම ප්‍රදර්ශනය සමඟ එක්විය හැකියි.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න


























