බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවක් මත අත් අඩංගුවට ගත් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ලබන 12 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (09) නියම කර තිබේ.
එහිමි පොලීසිය විසින් ඊයේ රාත්රියේ අත් අඩංගුවට ගනු ලැබුවේ කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ය.
කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා අද දහවල් එම පෞද්ගලික රෝහල වෙත ගොස් සැකකාර හිමියන්ව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙසේ රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කර ඇත.


