රතුගල නව ආදිවාසී නායකයා ලෙස දානිගල මහා බණ්ඩාරලාගේ නිශාන්ත කුමාර ඇත්තන් පත් කර තිබේ.
ඔහු අභාවප්රාප්ත රතුගල ආදිවාසී නායක සුදාවන්නිල ඇත්තන්ගේ පුත්රයා ය.
සුදාවන්නිල ඇත්තන්ගේ අවසන් කටයුතු චාරිත්රානුකූලව අද (09) රතුගලදී සිදු කරන ලද අතර ඒ ඇත්තන්ගේ දේහය භූමදානය කිරීමට පෙර දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන් භාවිත කළ දුන්න සහ කෙටේරිය නව නායකයා වන නිශාන්ත කුමාර ඇත්තන් වෙත චාරිත්රානුකූලව භාරදෙනු ලැබිණි.


