*
Monday, September 30, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/09

01. පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දුන් රජයේ සේවකයන් අද දින සිට යළි සේවයේ පිහිටුවනු ඇත: තම ඡන්දබල ප්‍රදේශයට පිටතින් වූ ආසන්නතම සේවා ස්ථානයට ඔවුන් අනුයුක්ත කරන බවත්, අද දින සුපුරුදු සේවා ස්ථානයට පැමිණ සිය ආයතන ප්‍රධානියා ලවා ආසන්නතම සේවා ස්ථානය සඳහා ස්ථාන මාරුවක් ලබා ගැනීමට ඔවුනට හැකි බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක පවසයි.

02. ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම, විනිමය අනුපාතිකය සහ ඉන්ධන මිල අඩුවීම සම්බන්ධ කරුණු සැලකිල්ලට ගනිමින් විදුලි පාරිභෝගිකයන්ට ආසන්න වශයෙන් 20% ක විදුලිය ගාස්තු අඩුවීමක් වහා ලැබිය යුතු බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රධානී ජානක රත්නායක පවසයි: 2023 ජනවාරි සිට අප්‍රේල් දක්වා සැබෑ ඉල්ලුම සහ වසරේ ඉතිරි කාලය සඳහා විදුලිබල මණ්ඩලය විසින් පුරෝකථනය කරන ලද ඉල්ලුමේ අඩුවීම මඟින් තම කොමිසමේ ඉල්ලුම් පුරෝකථනය සත්‍ය බව ඔප්පු වී ඇති බව ද පවසයි.

03. සමඟි ජන බලවේගය, ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි: සිය අපේක්ෂකයාගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා එම පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට බලය පැවරීමට සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි.

04. MV X-Press Pearl ව්‍යසනයෙන් සිදුවූ අලාභයට වන්දි ඉල්ලා සිංගප්පූරු මහාධිකරණයේ ගොනුකර ඇති නඩුව අද පළමු වරට කැදවීමට නියමිතයි: නඩුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට සිංගප්පූරුවේ නීති සමාගමක් ඉදිරිපත්ව සිටියි.

05. තමා අත්අඩංගුවට ගෙන නීතීඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව සාවද්‍ය ලෙස ත්‍රස්තවාදී චෝදනා ගොනු කිරීමට බලහත්කාරයෙන් පාපොච්ඡාරණයන් ලියවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ බවට චෝදනා කරමින් වයස අවුරුදු 14 ට අඩු දරුවන් සිව් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සතර විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙයි.

06. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සහ ඊට අනුබද්ධ රෝහලේ දූෂණ වංචා සිදුවන බවට, හා එහි කලමනාකාර මණ්ඩලයේ තීන්දු තීරණ ගනු ලබන්නේ, උපකුලපති විශ්‍රාමික මේජර් ජනරාල් මිලින්ද පීරිස් ගේ යැයි කියනු ලබන නියෝගයක් මත මිස ආයතනයට කිසිදු ප්‍රතිලාභයක් ගෙන නොදෙන අන්දමින් බවට එම විශ්ව විද්‍යාලයේ සේවකයෝ චෝදනා කරති: උපකුලපතිවරයා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත උල්ලංඝණය කරමින් සිය දෙවන ධුර කාලය දරන බවත්, මෙකී කටයුතු නිසා රෝහලට පමණක් නොව මෙරට භාණ්ඩාගාරයට ද අහිතකර බලපෑම් එල්ලවන බවත් පෙන්වා දෙති.

07. ශ්‍රී ලංකාවේ තිස් වසරක යුද්ධයෙන් මියගිය ජාතියේ රණවිරුවන්ට උපහාර දැක්වීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත.

08. ශ්‍රී ලංකා නවීන හා සමකාලීන කලා කෞතුකාගාරය (Museum of Modern and Contemporary Art Sri Lanka: MMCASL) ‘The Foreigners’ නමින් නව ප්‍රදර්ශනයක් සිය කලාගාර පරිශ්‍රයේ විවෘත කරයි: විවිධ මාධ්‍ය භාවිතා කරන සමකාලීන කලාකරුවන් 15 දෙනෙකුගේ කෘති මෙම ප්‍රදර්ශනයෙන් එක්රැස් වෙයි: විදේශීයත්වය ඔවුන් තුළට කා වද්දා ඇති අන්දම, එමඟින් තමා ආගන්තුකයකු, පිටස්තරයකු හෝ අපරාධකරුවකු ලෙස හංවඩු ගැසෙන අන්දම මෙම කලා නිර්මාණවලින් පිළිඹිමු වෙයි.

09. 2022 දෙසැම්බර් මස රජයේ වියදම රු. ට්‍රිලියන 01 කින් ඉහළට: 2022 මුල්‍ය වර්ෂය අවසාන වන්නේ රු. ට්‍රිලියන 4.47 ක වියදමකිනි: පුනරාවර්තන වියදම් රු. ට්‍රිලියන 3.5 කින් (28% කින්) ඉහළ ගොස් ඇති අතර, දේශීය පොලී ගෙවීම් ඉහළ දැමීමෙන් වැටුප්, දීමනා සහ සුබසාධනය ඉහළ යාමෙන් මෙය සිදුව ඇත: රාජ්‍ය ආදායම 2021 ට වඩා රු. බිලියන 548 කින් (38% කින්) ඉහළ ගොස් රු. ට්‍රිලියන 2 සලකුණු කරයි: ආදායම් බදු විශාලතම ආදායම් ප්‍රභවය වන අතර, එය 77% දක්වා රු. බිලියන 534 ක් වේ: මෙමඟින් වැට් බද්ද 2021 සිට රු. බිලියන 463 කින් (50% කින්) වැඩි වී දෙවන ස්ථානයට පත්ව තිබේ: මහ බැංකුවේ ලාභ හුවමාරුව 2022 දී රු. බිලියන 30 කි.

10. බෝ නොවන අක්ෂි අසාත්මිකතාවලට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා ‘ප්‍රෙඩ්නිසොලෝන්’ නම් අක්ෂි බිංදු භාවිතය නිසා ඇතිවූ සංකූලතා මත නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ පුද්ගලයන් දස දෙනකුගේ ඇස් පෙනීම දුර්වල වී ඇති බව වාර්තා වේ: මෙම ‘ප්‍රෙඩ්නිසොලෝන්’ අක්ෂි බිංදු ගෙන්වා තිබෙන්නේ ඉන්දියාවෙනි: මෙකී සංකූලතාවලට හේතු වූ ‘ප්‍රෙඩ්නිසොලෝන්’ අක්ෂි බිංදු තොගය ඉවත් කර ඇති අතර, එම රෝහලේ අක්ෂි සැත්කම් අත්හිටුවා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan