ඉන්දියාවෙන් ණය සහනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් බිලියනයක ණය සහනයේ කාලසීමාව තවත් වසරකින් දීර්ඝ කිරීමට ඉන්දියාව එකඟවී ඇත.

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකින් පීඩාවිඳි සමයේදී ලබාදුන් ඩොලර් බිලියන 4ක ණය සහනයෙන් කොටසක් වූ එම මුදල පසුගිය මාර්තු මාසය වනවිට නිමවීමට නියමිතව තිබුණි.

ඉන්දියාව විසින් ලබාදුන් ඩොලර් බිලියනයක් වූ එම ණය සහනය ප්‍රධාන වශයෙන් භාවිත කරන ලද්දේ ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහාය.

නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා පවසා ඇත්තේ , පැවැති සාකච්ඡාවලින් පසු එම ණය සහනය 2024 මාර්තු දක්වා දීර්ඝ කරගැනීමට හැකිවූ බවයි .

“ඩොලර් බිලියනයක් වූ ණය සහනයෙන් තවත් ඩොලර් මිලියන 350ක් ඉතිරිව තිබෙනවා.  අපට ඒ මුදල් අවශ්‍ය විදියට පාවිච්චි කරන්න හැකියාව තිබෙනවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...