*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

ඩයනාගේ තවත් පෙත්සමක් කල් යයි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 10, කොළඹ (LNW): තමන් සමගි ජන බලවේගයෙන් නෙරපීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම ලබන 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ බව වාර්තා වේ.

මෙම පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැදවූ අතර , එහිදි ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා කරුණු දැක්වූ බව සඳහන් වේ.

මෙහිදී ඔහු ඉල්ලා සිටි බව පැවසෙන්නේ මෙම පෙත්සම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය දැනුම් දීම සදහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම ලබන 28 වනදා කැදවන ලෙසත් පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධ තීරණය එදින දැනුම් දෙන ලෙසත් නියම කෙරුණු බව සඳහන් වේ.

මෙහි වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස,  මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන අය ඇතුලු පිරිසක් නම්කර තිබුණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan