ඇමති ටිරාන්ගේ ඉල්ලීමට ඕමාන ජාතික ව්‍යාපාරිකයා එකඟ වෙයි

කටාන අල් ඔබෙයිදානි ඇපරල් ඇඟළුම් කර්මාන්තශාලාව සඳහා ආරක්ෂාව තරකිරීමට දැඩි පියවර ගෙන ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ එම ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එම කර්මාන්තාශාලාවේ හිමිකරුගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම කර්මාන්තාශාලාවේ හිමිකරු වන ඕමාන ජාතික කලීෆා අල් ඔබෙයිදානි මහතා සහ ආරක්ෂක නිලධාරියකු පසුගියදා එම කර්මාන්තශාලාවට කඩා වැදුණු මැර පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව තිබුණු අතර එම මැර ප්‍රහාරය එල්ල කර ඇත්තේ ගම්පහ ප්‍රදේශයේම රාජ්‍ය අමාත්‍යවරයකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් බවට චෝදනා එල්ල වී තිබිණි.

අදාළ මැර ප්‍රහාරයට හේතුවී තිබුණේ කුලී පදනම මත වාහනයක් එම කර්මාන්තශාලාවට ලබාදීමට යාමේදී ඇතිවූ ගැටලුවක් බව සඳහන්.

මෙම පහරදීම සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන බවත් කර්මාන්තශාලාව පවත්වාගෙන යාම සඳහා පූර්ණ ආරක්ෂාව ලබාදෙන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඕමාන ජාතික ව්‍යාපාරිකයාට පොරොන්දු වී ඇත.

ඒ, එම කර්මාන්තශාලා හිමිකරු සමග පැවති සාකච්ඡාවකදී ය.

ඒ අනුව එම කර්මාන්තශාලාව මෙරටින් රැගෙන නොයාමට ඔහු එකඟ වී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...

කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ...