රටේ ප්‍රශ්න තුරන් වෙලා. ජනතාව අද මැතිවරණයක් ඉල්ලන්නේ නෑ – දිළුම්

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වසරක කාලයක් තුළ මේ තත්වයෙන් රට ස්ථාවර කර, ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්කිරීමට සමත්ව ඇති බැවින් තවත් වසර කිහිපයක් මේ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යාමට ඒ මහතාට ශක්තිය ලබාදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

“රටේ ප්‍රශ්න තුරන් වීම තුළ ජනතාව අද මැතිවරණයක් ඉල්ලන්නේ නැති තත්වයට පත්වෙලා තියෙනවා. දේශපාලන පක්ෂවලටත් අමතක වෙලා. මොකද මේ ප්‍රශ්නය තුවාලෙ තිබ්බාමනෙ ලේසි පාරන්න. දැන් ජනාධිපතිතුමා තුවාලෙ හොඳ කරලා. දැන් පාරන්න තුවාලයක් නෑ. දැන් සමහර දේශපාලන පක්ෂ බොහොම කණගාටුවෙන් ඉන්නෙ. අපේ ජනාධිපතිතුමා, රජය පොහොට්ටුවේ රජය. ඒ අංශයෙන් බලනකොට අනිවාර්යයෙන්ම අවුරුද්දක් ඇතුළත ජනාධිපතිතුමා මේ තත්වයෙන් රට ස්ථාවර කරලා ජන ජීවිතය යථා තත්වයට පත්කරලා පාරෙ තියෙන උද්ඝෝෂණ නතර කරලා මේ තත්වය ඇතිකරලා තියෙනවා නම් තව වසර කිහිපයක් අපි එතුමාට ඒ ශක්තිය දෙන්නට අවශ්‍යයයි. අපේ පාක්ෂිකයින්ට ගැහුවා, මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනිතිබ්බා, පක්ෂයට විශාල හානියක් වුණා. පක්ෂයේ මොරාල් එකේ පසුබෑමක් ඇතිවුණා. ඒක යළි සකස් කරන්නත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙතෙක් අරන් තියෙන ක්‍රියාමාර්ග ඉවහල් වෙලා තියෙනවා”

රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...