*
Friday, October 18, 2024
spot_img

Latest Posts

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ බුදුන් වැඩි දේශයයි. මේ දේශයේ උදේ හවා ඇසෙන්නේ උතුම් බුදු බණයි. එහෙම තියෙන රටක දිනපතා අසන්නට, දකින්නට ලැබෙන්නේ මහා ඛේදවාචකයන් වේ . අධ්‍යාපනය , තුරුණුවිය, සහ ලිංගිකත්වය මේ සියල්ලම දැන් එකට පැටළුණු නූල් බෝලයක් වී ඇත. මවුපියන් සෙවනේ වැඩීමට , සෙනෙහස ලැබීමට අවශ්‍ය වයසේ පසුවන දරුවන් අද ප්‍රේමය, රාගය සහ ලිංගික ආශාවන් හඹායන්නට පෙළඹී ඇත. ළමා හිත් අද වයසට වඩා මුහුකුරා ගොස්ය .

දෙමාපියන් සෙවනේ පසුවන දරුවන්ගේ අවශ්‍යතාවය පිළිබඳ ඉතා සූක්ෂම විය යුත්තේ දෙමාපියන්මය. මන්ද පිය සෙනෙහස ලැබිය යුතු දරුවන් එය තදින් බලාපොරොත්තු වන අතර දෙමාපියන්ගේ කාර්‍ය්බහුලත්වය මත එය නොලැබීයාම තුළ ඔවුන් වැඩිවියට පැමිණීමත් සමඟ ඒ නොලැබුණු ආදරය භාහිර පාර්ශවයන්ගෙන් බලාපොරොත්තු වේ . එම කාරණයත් සමඟ දරුවන්ගේ යටි හිත වෙනත් නොගැලපෙන පුද්ගලයන් කරා ඇදීයනු ඇත. මෙවැනි දරුවන් ඉලක්ක කර ගනිමින් සිටින සලෙළුන් ඩැහැගන්නේ මෙම හේතූන් නිසයි.

පසුගිය 06 වැනිදා සිදුවූ , මිනිස් හදවත් කම්පා කරවූ, කළුතර පාසල් ශිෂ්‍යාවගේ මරණයද මෙවැනි සිදුවීමකි. පාසල් යනවයසේ වය16ක් තරුණ දියණියකගේ ජීවිතය මරණින් කෙලවර වූයේ තම දෙමාපියන් ද ජීවත් වුවද මළවුන්ගේ ලෝකයට යවමින් ය. එම දෙමාපියන්ට අද වනවිට සමාජයට මුහුණ දීමට නොහැක. තරුණ දූවරුන් සිටින මාපියන් මීට වඩා දරුවන්ට රැකවරණය සැලසිය යුතුයි .

එම දැරිය ගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණයක්ද කර ඇත.

” මගේ එක්ක මේ හෝටලේට ආවා ඉෂාන් කියන යාළුවා තමයි මට ටිහාරිව හඳුන්වලා දුන්නෙ. ඉෂාන් මට කිව්වා හොඳ කෑල්ලක් ඉන්නවා උඹට ඕනෙ නම් සෙට් කරලා දෙන්නම් කියලා. මමත් කැමති වුණා. ඔය සිද්ධිය වෙච්ච දවසේ හවස 2.30 ට විතර මම ඉෂාන් එක්ක නාගොඩට ආවා.

ඉෂාන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක තමයි ටිහාරි ඇවිත් හිටියෙ. එයා දැක්කට පස්සෙ මට එයා ගැන ආශාවක් ඇති වුණා. මං ඉෂාන්ට කිව්වා කෙල්ල හොඳයි හවස සෙට් වෙමු කියලා. එදා හවස මං ඉෂාන් එක්ක කාර් එකෙන් ආවා. ඉෂාන්ගෙ ගර්ල් ටිහාරිව එක්කගෙන ඇවිත් මගේ කාර් එකට නැග්ගා.

අපි හතර දෙනා කළුතර නාගොඩ සිසිලියා හෝටලයට ආවා. මං රෙඩ්ලේබල් විස්කි එකකුයි බයිට් වගයකුයි අරන් ගියේ. අපි හෝටලේ කාමර දෙකක් වෙන් කර ගත්තා. ටිහාරිගෙ වයස 16 නිසා වෙන කෙනෙක්ගෙ අයිඩී එකක් තියලා තමයි කාමරේ වෙන් කර ගත්තෙ.

එදා අපි හතර දෙනා රෑ බෝ වෙනකල් රෙඩ්ලේබල් විස්කි බිව්වා. පැය කීපයකට පස්සෙ ඉෂාන් එයාගේ ගර්ල් එක්ක පිටවෙලා ගියා.
මම ටිහාරි එක්ක කාමරේට ගියා. ඒ වෙනකොට ටිහාරිට හොඳටම වෙරි. අපි දෙන්නා නිදහසේ කාලය ගත කළා. ඩාන්ස් කළා. තුරුල් වෙලා හිටියා. ටික වෙලාවකට පස්සෙ ටිහාරිගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා. ඒක ආවට පස්සෙ එයාට හොඳටම තරහ ගියා. අමු තිත්ත කුණුහරුපයෙන් බනින්න ගත්තා.

බලු වැඩ කරන්න එපා යකෝ බ්ලැක් මේල් කරන්න එපා කියලා. එයා කෝල් එක දුන්න කෙනාට හොඳටම බැන්නා. ඔළුව අවුල් වෙලා කෑගගහ හිටපු ටිහාරි කාමරේ ජනේලෙ ළඟ තිබුණු පුටුවට නැගලා එක පාරටම ජනේලෙන් එළියට පැන්නා.

මට කර කියා ගන්න දෙයක් නැතිව ගියා. මම දුවගෙන ගිහින් බිම බැලුවා. පහල රේල් පාර. ටිහාරිගෙ බොඩිය දැක්කෙ නැහැ. බය වෙච්ච පාර මම ඉෂාන්ට කෝල් එකක් දීලා කිව්වා. කෙල්ල හෝටලේ උඩ ඉඳලා පහලට පැන්නා. බොඩිය රේල් පාරේ මොනව හරි කරන්න කියලා.එහෙම කියලා මම හෙමිහිට එතනින් මාරු වුණා

යැයි සැකකරු පොළිසියට පවසා ඇත.

මෙම ශිෂ්‍යාවගේ අබිරහස් මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයකින් ගාල්ල ප්‍රදේශය පසු කර හික්කඩුව දක්වා යමින් සිටියදී පොලිස් මාර්ග බාධක යොදා මොහු ඊයේ අලුයම අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසියේ නිලධාරීන් කටයුතු කළ අතර සැකකරු මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවකින් රටින් පලා යෑමට සූදානමින් සිටි බව ද පොලිස් විමර්ශනවලින් පසුව හෙළි වී ඇත.

මෙම ශිෂ්‍යාව අවසන් වතාවට දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා කවුද යන්න සෙවීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. ශිෂ්‍යාවගේ මරණයට හේතු වූ බවට සැක කරන එම ඇමතුම ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.

කළුතර සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ගෙන යන අතර , ප්‍රධාන සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර පැය 72 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගන්නා බව පොලිසිය පවසයි. මෙම සැකකරු මත්ද්‍රව්‍ය කල්ලිවලට හෝ පාතාල කණ්ඩායම්වලට සම්බන්ධදැයි සොයා බලාගෙන යන බව පොලිසිය කියා සිටියි.

සැකකරු කල්බදු නොගෙවන වාහන සීස් කරන සීසර්වරයකු ලෙස කටයුතු කරන අයෙකි. කළුතර නාගොඩදී සිදුවූ මෙම ශිෂ්‍යාවගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් ඇගේ මිතුරිය සහ පෙම්වතා මෙන්ම මෙම පිරිස හෝටලය වෙත රැගෙන ආ මෝටර් රථයේ රියැදුරු ද පොලිසිය මීට පෙර අත්අඩංගුවට ගත් අතර මේ වනවිට ඔවුන් බන්ධනාගාරගත කර සිටිති.

ඉකුත් 06 වැනිදා රාත්‍රී මෙම සිද්ධිය වූ අතර පාසල් ශිෂ්‍යාව සිය මිතුරිය සමග නිවසින් පිටව ගොස් ඇත්තේ බත් දන්සලකට යන බවට සිය මවට පවසමින්ය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි. දේශබන්දු තෙන්නකෝන් මහතා සමාජ මාධ්‍ය හරහා කළ ඉල්ලීම දුටු විගස දුරකථන ඇමතුම් රැසක් ලැබී ඇති අතර ඒ හරහා මෙම පැනයමින් සිටි සැකකරු සැණෙකින් පොළිසියට කොටුකර ගැනීමට හැකිව ඇත.

තම දරුවන් නිසි වයස පැමිණෙන තුරු තම දෑස් මානයේ තබාගැනීමට හැකිනම් තවත් දිනයක මෙවන් ශෝක ජනක පුවත් කිසිදා නෑසෙනු ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan