වැල් පාලමේ ගීතය : අන්තෝ ජටා බහි ජටා …

Date:

දෙරණේ පැවති සාකච්චාවේදී අනුර සහෝදරයා පවසන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරමින් රනිල් මෙතෙක් මැදට පැමිනි වැල් පාලමේ ගමනේ ඉතිරි අඩද යායුතුව ඇති බවයි.. එසේම වෙනත් මාවතක් නැති බවයි..

මේ වැල් පාලමේ ගමන අයි.එම්.එෆ්. එක විසින් මග පෙන්වන මාවතයි.. නමුත් විජේවීර මාවත මෙය නොවේ.. විජේවීර හා අයි.එම්.එෆ්. එක අතර ඇත්තේ නයි මුගටි සබඳතාවකි..බටහිර විරෝධය හා ඉන්දියානු විරෝදය යනු විජේවීර වාදයේ මූලිකම හරයවේ..

මෙහිදී ඇතිවන ගැටලුව නම් වසර පනස්ගානක් තිස්සේ පවත්වාගෙන ආ විජේවීර දර්ශනය මත හැදී වැඩුන ජ.වි.පෙ. කාඩර් පරම්පරාව මේ අළුත් වැඩපිළිවෙළ සමඟ කරන ගනුදෙනු කෙසේ වේද යන්නෙහිය..

මාගේ මිතුරු ඇතැම් දේශපාලන මන්ඩල සභිකයන්ද තාමත් උග්‍ර කොමිනිස් වාදීන්ය..කොට්ට උරේ කනපිට හැරෙව්වා සේ කරන මේ කනපිට ගැසීමට ඔවුන් එකඟවේද..?

අනුර යාමට සැරසෙන මේ මාවතට ලොකුම බාධකය වන්නේ ඔවුන්ගේම ඉතිහාසයයි..

හැත්තෑ හතේ සිට ජ.වි.පෙ. අරගලය දියත් වූයේම විවෘත ආර්ථිකයට එරෙහිවය..

අද අනුර යෑමට සැරසෙන බටහිර වෙළඳ පොල මාවතේ ලංකීය නියමුවා වන ජේ.ආර්. ව විජේවීර හැඳින්වූයේ ලංකාවට විශාලම හානිය කල ද්‍රෝහීම පුද්ගලයා ලෙසය.. ජ වි.පෙ. සන්නද්ධ අරගලය හා ඉන් පසු ඔවුන් කල උද්ඝෝෂණ නිසා වෙළෙඳපොළ ආර්ථිකයට සිදුකල පසුබැස්සවීම් බොහෝය.. විජේවීරගෙ ඈවෑමෙන් පැමිණි සෝමවංශට අනුවද විවෘත ආර්ථිකය යනු යකෙකි..

එළියට නොපෙනුනද මෙය අතිශය සංකීර්ණ ව්‍යාකූලත්වයකි..

ධනවාදී වෙළෙඳපොළ ආර්ථික වැඩපිළිවෙළ එකකි.. සමූපකාර ප්‍රමෝට් කරන සමාජවාදී ක්‍රියාන්විතය ඊට සපුරාම වෙනත් එකකි.. දැනුදු මේ දෙක අතර පැටලවිල්ලක් ඇති බවක් පෙනේ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් හයකට තද වැසි – ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක්!

කොළඹ LNW:ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින්...

සුඩානය, එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 25: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මාස...

හොඳක් අහන්නෙම නැති ශ්‍රී ලංකා ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: ක්‍රිකට් පරිපාලනය කියන්නෙ හුඟ...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගැන කළ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: 2025 වසරේ ගතවූ කාලය...