*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

(වොෂින්ටන් වෘකයා))

🎀රනිල් රාජපක්ෂ හා අනුර කුමාර වික්‍රමසිංහ….?

🎀ස්මාට් වැඩිඩාට ජපානයෙන් කඳමළු….?

🎀වීසා මඩ ප්‍රහාර ගේමට කපටි නරියා ගේ ගේම….? 

🎀දයාසිරි හා වලේබොඩ සමඟ රනිල් ගිය ගමන…?

🎀සිවුරු වෙනුවට හිමිවරුන්ට කලිසම් අන්දවූ  කොළඹ බලවතා….?

🎀ඇමති ෂෙහාන් තරගයේ වීරයාට ඇදීම….?

🎀ගමේ ජවිපෙ අයට අධිකරණ බලය දීමේ මාළිමා උපාය….?

🎀ආශු ගෙ බෙල්ල ක්‍රිබ් එකේ හිරකළ ගේම….?

🎀කපටි නරියාගේ මුස්ලිම් තටිටුව…..?

🎀මන්ත්‍රී 20 හා නරියාගේ රහස් ඩීල් එක…..?

🎀ඇමෙරිකන්වරු 5037 ක් තානාපති පරිශ්‍රයට ගෙනා ඇමෙරිකන් මහින්ද…?

🎀මාන්නප්පෙරුම මිචිගන්හිදී පරිසරයට කල දේ…?

            කලගුණ දත් අය රැස්වූ බවට විග්‍රහ වූ එජාප මැයි රැළිය නිමවා ජනපති පොළොන්නරු ගියේ ඉඩම් ඔප්පු බෙදීමටය. ඔප්පු ලබාගත් අය ගියේ ඡන්දය කෙසේ වෙතත් පිං ලබා දෙමිනි.

     පසුදා ජපන් විදේශ ඇමතිනිය හමුවී නැවතුණ LRT දුම්රිය ඇරඹීමට හා කටුනායක ගුවන්තොටේ හා ඇනහිටි සංවර්ධන වැඩට සල්ලි ලබා ගැනීමට  ස්මාට් වැඩ්ඩා හෙවත් කපටි නරියා සූක්ෂම විය.

                   වීසා දීම ගැන තරුණයෙකුගේ කෑගැහිල්ල නැගලා ගියේ ජවිපෙ එය අතට ගැනීමෙනි. ඔහු ජවිපෙ පවුලක අයෙකු බවත් රටට ආදරේට වඩා දේශපාලන වැඩක් යටින් ගිය බවත් කියවින.

     “ගාස්තු තිබුණු තැනම තියලා වීසා දීම ඉමිග්‍රේෂන් එකට දෙන්න. අනෙක් වැඩ VFS එකට දෙන්න” නරි ඕඩරය ආවේ කැබිනට් අනුමැතිය ද සමගය.ඒ සමග හරීන් හා ටිරාන් ට ඉවත්වීමට ආ බලපෑම්  මෙන්ම ජවිපෙ ප්ලෑන් කල ලොකු මඩක් ද ලොප් විය.

         ජනපති ආරක්ෂක මණ්ඩලයට ගියේ දයාසිරි හා වලේබොඩ මන්ත්‍රීලා සමගය. ඒ යුක්රේන  – රුසියා යුද්ධයට මෙරට සෙබලු ජාවාරම් කරන බවට ඔවුන් හඬ නැගූ බැවිනි.

      “මේක නවත්තන්න. හුගක් අය මැරිලා” මන්ත්‍රීවරු කීවේ පැන ආ සෙබළෙකු ගේ හඬ අසන්නට ද සැලැස්වීමෙනි.

     “මේක හොයල තදින් පියවර ගන්න” යයි කී ජනපති පුවෘත්ති අධ්‍යක්ෂ දිනිත්ට කතා කළේය.

      ” මේ යුද වලට යන එකේ භයානකකම රටට කියන්න” දිනිත් පසුදාම ගේම ඇරඔුවේය.

     එජාප කලමණාකරන කමිටුවේදී මැයි රැළිය ගැන ද ඇදිනි.භික්ෂූන් 100 ක් එනබව කීවද නොපැමිණීමේ දෝස්මුරය රවි ට එල්ල විය.

      “ආරක්ෂක අංශ හිමිවරු ගේන එකට බාධාකලා” රවි කීය.

      “භික්ෂූ ලැයිස්තුව ආරක්ෂක අංශයට දුන්නා. හිමිවරු සිවුරු වෙනුවට කලිසම් ෂර්ට් ඇදන් ආවද දන්නෙ නෑ” රංගෙ කීවේ සිනා මැදය.

       අරලිය ගහ ගිය රනිල් ග්‍රාමසේවකයන් 2100කට පත්වීම් දී ජනපති අරමුදලෙන් භික්ෂූන් සිල්මාතාවන් හා ගිහියන්ට ශිෂ්‍යත්ව දෙන බව කීවේය.

      පසුදා පාර්ලිමේන්තු ගිය ජනපති දේශනය නිමවූ විට වි: නායක ප්‍රශ්න ඇසුවේය. පිළිතුරුදී එනවිට “යන්න එපා” යයි කෑගැසුවේය.

     “අද කතාවට ගහන්න විපක්ෂයට කරුණු නෑ. දීපු උත්තර වලින් ඇඔරුණු නිසයි යන්න එපා යි කෑගැහුවෙි” ඇමති මනුෂ ජනපතිට කීවේ ලොබියේදීය.

      “ප්‍රාදේශීය සංවර්දන කමිටු වලට සල්ලි දෙන්න බෑයි මැතිවරණ කොමිසම කියනවා” අයෙක් කීය.

      “ඡන්දයක් කැදවලා නැති එකේ රජයේ වැඩ නවත්තන්න කොමිසමට බෑ” ජනපති කීය.

      “පළාත් පාලන ඡන්දෙ අහෝසි නෑ කියන පදනමිනුයි ඔවුන් ඒක කියන්නෙ” ඇමති රමේෂ් කීය.

       “ඩයනා ගැන කෑගහන සජබයි එයා දේශපාලනයට ගෙනාවේ” ඇමති ප්‍රසන්න කීවේ සිනාමැදය. ආර්ථිකයට දායක වන ඇතැමුන් අසාධාරණ ලෙස ක්‍රිබ් වල හිරවීමේ ප්‍රශ්නයක් ද මතුවිය.

     “ආශු ට කියන්න. එයා බැංකු වැඩ හොදට දන්නවා. මම මහබැංකුවටත් කියන්නම්” ජනපති මහාචාර්ය ආශු ක්‍රිබ් හි හිර කළේ එලෙසිනි.

      “අපි එකතු වෙලා රට හදමු” කපටි නරියා රිෂාඩ් අතාවුල්ලා හාරිස් ට කීවේ තට්ටුවක් ද දමමිනි.

      “මුජිබර් පළාත් පාලන අපේක්ෂකයෙක් නිසා පාර්ලිමේන්තු එන්න පුළුවන්ද”  ප්‍රශ්නයක් මතුවිය.

     “කතානායක නීතිපතිගෙ උපදෙස් ගනීවි” 

      ස්මාට් වැඩ්ඩා හෙවත් නරි තෙමේ පක්ෂ විපක්ෂ මන්ත්‍රී 20 ක් සමග ඩීල් කළහ. ඒ ආශු ගේ රහස් ගේමක් හරහාය.

     “වි: නායකතුමා අපට නොදී කතාකරනවා” අදෝනාවක් නැගින.

     ” තනි සෙනසුරාදාවක්ම වෙන් කරල දෙමු” අයෙක් කීවේය.

      නඩු අහන්න ගමේ ජවිපෙ අයට බලය දෙන බව ලාල්කාන්ත කී කතාවට පක්ෂ විපක්ෂ අය වටකර නෙලුවෝය. ඊට ගොදුරු වූයේ තනිවූ හරිනි ය.

     එහිදී  දිගට හරහට වනා තරගයේ වීරයා වූයේ ඇමති  ෂෙහාන් ය.

      “ලාල්කාන්ත එහෙම කිව්වෙ නෑ කිය කිය ජවිපෙ අතීසාරෙට අමුඩ ගහනවා. රටේ නීතිය අතට අරන් 88 වගේ කැලෑ උසාවි වලින් වැඩ කරන්න හරිනි, මාළිමාවෙ උගතුන් හා ජනතාව එකගද. රාජ්‍ය බලය ලැබුණොත් මර්දනය කරන හැටිත් ලාල්කාන්ත මාස 04කට පෙර කිව්වා. භීෂණයට කැමතිද” ෂෙහාන් දමලා ඇරියේය.

     “ජවිපෙ එදා උසාවි 27 ක් ගිණි තිබ්බා. හෝමාගම විනිසුරුගෙ කබාය හරකෙකුට අන්දලා ගම වටේ ගෙනිච්චා” ඇමති විජයදාස ද අත හැරියේ නැත.

     ඇමෙරිකන් මහින්ද මොන තනතුරක් දැරුවද බොක්කෙන්ම කැපවන්නෙකි . ඔහු හා තානාපති නඩය පසුගියදා වොෂින්ටනය දෙදරවමින්  “පාස්පෝට් DC 2024” ට තානාපති පරිශ්‍රයට 5037 ක් ගෙන්වීම වාර්තාගත විජයග්‍රහණයකි. 

           ඔවුන්ට ලංකාවේ ආහාරපාන ඇදුම් සංගීතය හා නැටුම් මෙන්ම රට ගැන දැනුවත් කරන ඡායාරූප ද පෙන්වීය.

      “අපේ දේවල් වැඩිපුර විකුණන්නයි මෙහේ අය ලංකාවේ සංචාරයට යවන්නයි මේක ලොකු පිටුවහලක්. ඇමති හරීන් හා ඇමෙරිකාවෙ ඉන්න ලාංකිකයන් උදවිකලා.කලාංග සංගීතය හා බොහෝ දේ  නොමිලේ ලබා දුන්නා. තානාපති කාර්යාලයේ අය පවුලක් ලෙස කැපවීමත් මේ ජයට මුලයි” ඇමෙරිකන් මහින්ද කීය.

       හිටපු පරිසර ඇමති අජිත් මාන්නප්පෙරුම ගැන විවිධ කතා පැතිරෙද්දී ඔහු හිටියේ ඇමෙරිකාවෙිය. මිචිගන් සරසවියේ පරිසර හිතැති ප්‍රතිචක්‍ර ව්‍යාපෘතිය අධ්‍යනය කල ඔහු අත්දැකීම් එකතු කරගත්තේය. ඔහුට එම වැඩේ ලේස්ති කරදී තිබුණේද ඇමෙරිකන් මහින්ද හා වොෂින්ටන් තානාපති නඩය විසිනි.

      එජාප යටිනුවර මහේෂ් සේනානායක සමග නාළිකාවක දී ඇවිලුන ජවිපෙ අයෙකු කියා තිබුණේ “රනිල්ගෙ IMF වැඩේ හොද බවය”. ජවිපෙ නායකයාද එවැනිම එකක් කීවේ දින කීපයකට පෙරය.

     “ජනපතිගෙ ක්‍රමය ජවිපෙත් අනුමත කරනවා. දැන් රනිල් රාජපක්ෂ කියල නෙවෙයි ‘අනුර කුමාර වික්‍රමසිංහ’ කියලා කියමු” මහේෂ් කීවේ සිනා මැදය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan