කපිල අපේ හිතවතෙක්. 12 අල්ලස් කොමිසමට යනවා. අපිව මර්දනය කරන්න එහෙම ලේසියෙන් බෑ – මහින්ද

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ලැබී ඇති කැඳවීම අනුව මැයි 12 වනදා එම කොමිසම හමුවට යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මියගිය ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ පැමිණි අවස්ථාවේදී ය.

“කපිල අපේ හිතවතෙක්. ඒ වගේම රටට යම් සේවයක් කරපු පුද්ගලයෙක්. එයා ගැන අපේ කණගාටුව ප්‍රකාශ කරන්නයි ආවෙ”

ප්‍රශ්නය – ඔබතුමාටත් අල්ලස් කොමිසමට එන්න කියලා තියෙනවා. ඒ ගැන මොකක්ද කියන්නෙ ?

“අල්ලස් එකට ඉතින් එන්න කියනවානෙ ….”

ප්‍රශ්නය – 12 වෙනිදා ඔබතුමා යනවාද ?

“යනවා, යනවා … යන්න ඕනෙ නෙ … බලමුකො අපි”

ප්‍රශ්නය – ඔබතුමාව මෙහෙම කැඳවලා මේ මර්දනය කරන්නද හදන්නේ ?

“අපිව මර්දනය කරන්න එහෙම ලේසියෙන් බැහැනෙ … අපිට ඕවා පුරුදුයි”

මහින්ද රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත්තේ ද කපිල චන්ද්‍රසේන ශ්‍රීලංකන් ගුවන් සේවයේ CEO තනතුර දරණ සමයේ මෙරටට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමකදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ය. අදාළ අල්ලස් මුදලෙන් රුපියල් කෝටි 6ක් මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී ඇතැයි කපිල චන්ද්‍රසේන පැවසුවේයැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබූ අතර කපිල චන්ද්‍රසේනගේ නීතීඥවරයා ඊට විරෝධය පළකරමින් සඳහන් කළේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කපිල චන්ද්‍රසේනට තරජනය කර බලහත්කාරයෙන් එම ප්‍රකාශය ලබාගෙන ඇති බවකි. අදාළ ප්‍රකාශය තමන්ට තර්ජනය කර ලබාගත් එකක් බවට කපිල චන්ද්‍රසේන දිවුරුම් ප්‍රකාශයක් ද අධිකරණයට ලබාදී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...