ඉම්රාන් ඛාන් පැයකින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පාකිස්ථානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Date:

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් පැයකින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඛාන්ගේ නීති කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

ඉම්රාන් ඛාන් දූෂණ විරෝධී ඒජන්සිය හෙවත් ජාතික වගවීමේ කාර්යාංශය (NAB) විසින් අඟහරුවාදා අත්අඩංගුවට ගැනීම හේතුවෙන් රට පුරා ප්‍රචණ්ඩ විරෝධතාවයන් ඇති වූ අතර, ඊයේ(10) දිනය වන විට ඛාන්ගේ පකිස්තාන් ටෙහ්‍රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් තිදෙනෙකු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

සිය ජනප්‍රියතම නායකයාට එරෙහිව ගනු ලැබූ දරුණු ක්‍රියාමාර්ගය හේතුවෙන් ඛාන්ගේ ආධාරකරුවන් පොලිසිය සමඟ ගැටීමෙන්, හමුදා ආයතනවලට පහරදී සහ අනෙකුත් රාජ්‍ය ගොඩනැගිලි සහ වත්කම් ගිනිබත් කිරීමෙන් පසු මේ වන විට පුද්ගලයන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර අවම වශයෙන් පස් දෙනෙක් මිය මියගොස් ඇත. මීට අමතරව පාකිස්තානයේ පළාත් හතරෙන් දෙකක පාසල් සහ කාර්යාල ද මේ වන විට වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

සටහන -සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...