පාර්ලිමේන්තු ලොක්කන්ගේ ඉන්ධන දීමනා අඩුකෙරේ

Date:

පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ඉහළ නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මහලේකම්ට මින් ඉදිරියට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය මාසයකට ලීටර් 220 කට සීමාකර ඇත. එය අමාත්‍යාංශ ලේකම්වරයෙකුට ලැබෙන ඉන්ධන ප්‍රමාණය හා සමාන වේ. මීට පෙර පාර්ලිමේන්තු මහලේකම්ට සීමාවකින් තොරව ඉන්ධන ලබාදී තිබී ඇත.

මේ ආකාරයටම පාර්ලිමේන්තු නියෝජ්‍ය ලේකම්ට හිමි ඉන්ධන ප්‍රමාණය මාසයකට ලීටර් 165 දක්වාත්, සහකාර මහලේකම් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හිමිවන ඉන්ධන ප්‍රමාණය මාසයකට ලීටර් 135ක් දක්වාත්, පාර්ලිමේන්තු මහලේකම්ගේ සම්බන්ධීකරණ ලේකම්ට හිමිවන ඉන්ධන ප්‍රමාණය මාසයකට ලීටර් 115ක් දක්වාත් අඩුකර ඇත.

කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ මැදිහත්වීම යටතේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ තීරණයක් අනුව මෙසේ ඉහත කී නිලධාරීන්ගේ ඉන්ධන දීමනා අඩුකිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට මඩ ගහන්නේ පාපිෂ්ඨ කල්ලියක්. 500%ක් විශ්වාසයි ජනතාව ඉන්නේ අපේ ආණ්ඩුවත් එක්ක – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල සෝදුපත් නොබැලූ පොතක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා...

නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය...

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...