විභාග දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන මසය තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසන අතර, මේ වනවිට විෂයන් 2කට අදාළ පිළිතුරු පත් ඇගයීම් අවසන් කර ඇති බව , විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය .

තවත් විෂයන් 6ක පිළිතුරු පත් ඇගයීම ආරම්භ කර ඇති අතර සෙසු විෂයන්වල පිළිතුරු පත් ඇගයීම ලබන සතියේ ආරම්භ කිරීමට සැලසුම් කර  ඇති අතර දිවයින පුරා මධ්‍යස්ථාන 10කදී එම කටයුතු සිදුවනු ඇති බවත් ,  මැයි 29 වැනිදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාග සමයේද ඊට බලපෑමක් නොවන පරිදි උසස් පෙළ ඇගයීම් සිදු කිරීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය

පාසල් ඉගැන්වීම් කටයුතුවලට බාධාවක් නොවන පරදි ඒ සඳහා ගුරුවරුන් යොදා ගැනීමට පියවර ගෙන තිබෙන අතර ,  පිළිතුරු පත් ඇගයීම් අතරතුර ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ද අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය .

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය හා අවශ්‍ය ප්‍රමාණයට ඇගයීම් සඳහා ගුරුවරුන් අයැදුම් නොකිරීම යන හේතු මත මෙවර උසස් පෙළ විභාගයේ ඇගයීම් මාස දෙකහමාරකට අධික කාලයක් ප්‍රමාද විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…? කියවන්න අකමැතිනම් අහලම බලන්න..

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...

ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවකට පසු...