සටහන – නිශ්මං රණසිංහ
මැයි 13, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වොලිබෝල් කේෂ්ත්‍රයේ වැඩිම කණ්ඩායම් ගණනක් සහභාගිවන වොලිබෝල් තරගාවලිය, ඩීඑස්අයි පාසල් වොලිබෝල් තරගාවලියයි.වයස් කාණ්ඩ කිහිපයක් යටතේ මේ තරගාවලිය ක්‍රියාත්මක වන අතර මෙතරම් කණ්ඩායම් ගණනක් ශ්‍රී ලංකාවේ වෙනත් ක්‍රීඩාවක් වෙනුවෙන් ද තරගාවලි සඳහා ඉදිරිපත් වන බවට සාක්ෂි නැත.ඒ අනුව මේ වැඩිම සහභාගීත්වයක් සහිත තරගාවලියට කණ්ඩායම් යොමු වන්නේ පාසල් මට්ටමෙන් ගුරු භවතුන්ගේ අධීක්ෂණයක් ද සහිතව බැවින් මෙවර ඒ සඳහා අයදුම්පත් ලබා ගැනීම සඳහා QR කේතය යොදා ගැනීමේ හැකියාවද ඇත.

දිවයිනේ පිහිටි ඩීඑස්අයි ප්‍රදර්ශනාගාරවල මේ වන විට QR කේතය දක්වා ඇති අතර එය ස්කෑන් කර (ස්මාර්ට් දුරකතනය මඟින් කළ හැකිය) ඒ හරහා සිංහල හෝ දෙමළ බසින් අයදුම්පත්‍රය ලබා ගැනීමට හැකියාව ඇත.එසේම මේ සටහනේ දක්වා ඇති QR කේතය හරහා ද සිංහල හෝ දෙමළ යන භාෂා දෙකෙන් ඔබට අවශ්‍යය පරිදි තරගාවලියේ ඉල්ලුම්පත්‍රය ලබා ගැනීමට අවස්ථාව ඇත.මේ සටහනට QR මෙන්ම එය ස්කෑන් කර වීවෘත කර ගැනීමේ දී පළමු වරට දකින්න ලැබෙන CLICK HEAR TO APPLY හරහා පිවිස සිංහල හෝ දෙමළ ලෙස අයදුම්පත් ලබා ගැනීමට අවස්ථාව ඇත.ඔබට ඩීඑස්අයි ප්‍රදර්ශණාගාර වෙත නොයා මේ සටහනේ දක්වා තිබෙන QR කේතය හරහා ද අයදුම්පත් ලබා ගැනීමේ කාර්යය සිඳු කිරීමට හැකිය.
තරගාවලිය සඳහා අයදුම්පත් ලබා ගැනීමට www.avi.lk වෙබ් අඩවියෙන්ද පහසුකම් සළසා ඇත. QR කේතය හරහා හෝ වෙබ් අඩවිය මඟින් ලබා ගන්නා අයදුම්පත් ආසන්නම ඩීඑස්අයි ප්‍රදර්ශණාගාරයට හෝ එහි ප්‍රධාන කාර්යාලයේ අලෙවි අංශය,ඩී.සැම්සන් සහ පුත්‍රයෝ සමාගම,නො.257,හයිලෙවල් පාර,නාවින්න,මහරගම යන ලිපිනයට ද යොමු කිරීමට හැකියාව ඇත.
තරගාවලිය සම්බන්ධයෙන් වැඩි තොරතුරු දැන ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 011 2669344 දුරකතනය අමතා හෝ දිස්ත්‍රික් 25 සම්බන්ධීකරණ නිලධාරින් මඟින් ලබා ගැනීමේ අවස්ථාව ඇත.0773329702 යන දුරකතන අංකයෙන් පාසල් වොලිබෝල් සම්මේලනයේ ලෙක්ම් චමින්ද කුමාර අමතා ද වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍යය පහසුකම් සළස්වා ඇත.
මේ සටහන සමඟ QR කේතය මෙන්ම එයින් පිවිසි පසු හමුවන පිටුවේ ඡායාරූපයක් ද දක්වා ඇත.එසේම මෙවරත් ඩීඑස්අයි සමාගම වොලිබෝල් සම්මේලනයට අනුග්‍රාහකත්වය සනාත කරමින් වොලිබෝල් අනුග්‍රාහක චෙක්පත ලබා දුන් අවස්ථාවේ ඡායාරූපයක් ද මේ සමඟ ඇත.
