ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා තර්ෂන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 13, කොළඹ (LNW): ප්‍රංශයේ අති විශිෂ්ඨතම බැගට් සාදා ප්‍රංශ ජනාධිපතිටත් පාන් සෑදු තර්ෂන් ලාංකික නාමය යළිත් වරක් ලොව හමුවේ ඉහළට ඔසවා තැබීමට සමත්ව තිබෙන බව සඳහන් වේ.

පුද්ගලයින් 10,000ක් සම්බන්ධ කරගනිමින් මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව පැරිස් නුවරට රැගෙන යාමට නියමිත අතර, ගිනි සිළුව රැගෙන යාම සඳහා සම්මානනීය බේකරි නිෂ්පාදකයෙක් ලෙස නම් දරා සිටින  තර්ෂන් සෙල්වරාජාට ද අවස්ථාව හිමිව ඇති බව වාර්තා වේ.

ඒ තර්ෂන් ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට ඉතිහාසගත වෙමිනි.ඔහු ලෝකය පුරාම ප්‍රසිද්ධත්වයට පත්ව ඇත්තේ ඔහු නිශ්පාදනය කරන ප්‍රංශ පාන් හෙවත් බැගට් හේතුවෙනි. මීට වසර 10කට පමණ පෙර ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශයට සංක්‍රමණය වූ ඔහු බේකරි නිෂ්පාදකයෙක් ලෙස එරට කටයුතු කරන අතර, පසුගිය 2023 වසරේ පැවති සාම්ප්‍රදායික බැගෙට් තරගය ජයග්‍රහණය කරමින් පැරිස් නුවර ප්‍රමිතියෙන් යුක්ත සහ රසම බැගට් නිෂ්පාදකයා බවට පත් වීමට තර්ෂන් සෙල්වරාජා සමත් විය.

තර්ෂන් ලද මෙම ජයග්‍රහණය හේතුවෙන් ඔහුට මෙවර ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව හිමිව තිබෙන අතර, තමා මේ පිළිබඳ දැනගෙන පුදුමයට පත් වූ බවත්, තමන් මේ සඳහා තෝරාගත් කමිටුවට ස්තූතිවන්ත වන බවත්, මෙතරම් පිරිසක් අතුරින් තමන්ටත් මෙවැනි අවස්ථාවක් ලැබේවි යැයි කිසිවිටෙකවත් නොසිතූ බව එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් තර්ෂන් පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...