යුක්තියේ ප්‍රගතිය!

Date:

කොළඹ LNW: ‘යුක්තිය’ මෙහෙයුම ආරම්භ වූ 2023 දෙසැම්බර් මස 17 සිට සිට මේ දක්වා සැකකරුවන් 111,074 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඔවුන්ගෙන් සැකකරුවන් 4,472ක් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින බවයි තල්දූව මහතා සඳහන් කරන්නේ.

මෙම මෙහෙයුම්වල දී හෙරොයින් කිලෝග්‍රෑම් 41ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 43ක්, මත්පෙති ලක්ෂ 03ක් සහ රුපියල් මිලියන 1,500ක නීතිවිරෝධී වත්කම් පොලිස් භාරයට ගෙන තිබේ.

යුක්තිය මෙහෙයුමේදී වැඩි අවදානයක් යොමු වී ඇති පළාත් වන්නේ බස්නාහිර, වයඹ සහ දකුණු පළාත් ය.

“අනිත් පළාත් වලටත් අපේ මෙහෙයුම් කරනවා. සමහර පළාත් තිබෙනවා කසිප්පු වැනි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැඩියෙන් තිබෙන ස්ථාන. ඒ වගේම උතුරු පළාතේ ගංජා වැනි මත්ද්‍රව්‍ය වැඩි. මේ වගේ අංශ ඔස්සේ අපි මුලික අවදානය යොමු කර තිබෙනවා. මේ වගේ මෙහෙයුමක් පටන් ගත්තම ඒකට විරුද්ධ කොටසක් ඉන්නවා. ඒක අසාර්ථක කිරීමට යම් යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මේ වගේ මෙහෙයුමක් අතර වාරයේදී සිදුවන වෙඩි තැබීමේ සිදුවීම් නිසා රටේ මහජනතාවට වුනත් ඔවුන්ගේ විශ්වාසය බිඳ වැටෙන්න පුළුවන් මේ මෙහෙයුමෙන් වැඩක් තියෙනවද කියලා. අපි මුල ඉඳලා කිව්වා මේ මෙහෙයුම අඩපණ කරන්න විවිධ උපක්‍රම යොදා ගනීවි කියලා. ඔවුන් උපරිම බලය යොදනවා මේ මෙහෙයුම අසාර්ථකයි කියලා පෙන්වන්න. අපිට හරියට තොරතුරු ලැබිලා නැහැ. හැබැයි කොතනකදී හරි ඔවුන්ට මේ වැඩේ නවත්වන්න වෙයි” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්තානය ඉදිරියේ ශ්‍රී ලංකාවට ෆුට්සාල් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

අගමැති හරිනි ස්විස්ටර්ලන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි...

කිසිවෙකුට කිසිවකින් දෙවැනි නොවුණු සාරංග LANKA RIDE කිරුළු පළදයි

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: වර්ෂ 2011 දී මාතරින්...

ඉරාන උත්තරීතර නායකයාට එරෙහිව එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් වනු ඇතැයි ඉරානය අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...